Pages

Tuesday, July 27, 2010

ඔන්න දැන් "දැන ගියොත් කතරගම නොදන ගියොත් අතරමග කියපු කාලේ ඉවරයි " මෙන්න බොලේ අපේම GPS Navigation System එකක්!!!!!!


මට නම් තියෙන ලොකුම හිසරදයක් තමයි මේ පාරවල් මතක තියගන්න එක. පාරවල් අයිනේ නතර කර මිනිසුන්ගෙන් පාරවල් අහල අතරමං වෙච්ච වෙලාවල් අනන්තයි. විශේෂයෙන් ගල් වලේ පංචිකාවතේ පාරවල් වල.
තවදෙයක් තමයි පෙට්‍රල් ෂෙඩ් හරි , බැංකු හොයන එක හොය හොයා යනකොට පහුවෙලා ඉවරයි. අනික කට්ටිය ඔය කියන ෂොර්ට් කට් පාරවල් ඇත්තටම ෂොර්ට් ද කියන එක.
දැන් අවුරුදු දෙකකට විතර කලින් අපේ ශාමාල් පේරාදෙනිය E/97 ගෙට්‍ටුවේදී මේ GPS කතාව කිව්ව . කාපු බිපු වෙලාවට කියන කතා කවුද ඉතින් සිරියස් ගන්නේ. ලෝකෙට මේක අලුත් නොවුනාට ලංකාවේ තියෙන සංකිර්ණ අවුල්සහගත අච්චාරු මාර්ග නාම කරන සහ ලිපින පද්ධතිය තුල මෙහෙම දෙයක් හදපු එක අතිවිශාල ජයග්‍රහණයක්. මට මතකයි අපේ ඉංජිනේරු ප්‍රදර්ශනයේ දි ෂාමාල් කාර් එකක ටයර් පන්ච් එකක් ගියාම ගොඩදාගන්න ගැජට් එකක් හැදුව. මේ වගේ දෙයක් ඔනි වෙලා තියෙන කෙනෙකුට වෙබ් එකට ගිහින් බලන්න පුලුවන්. මේක ගත්තත් නොගත්තත් මේක තරුණ නිර්මාණකරුවෙකු සහ විව්‍යයසායකෙකු වශයෙන් අගය කල යුතු ආදර්ශමත් වැඩක්.
http://www.salagis.com/

http://www.salagis.com/index.php?option=com_chronocontact&Itemid=5

2 comments:

  1. ඇත්තටම හොඳ වැඩක්.. :)

    ඒත් ඉතින් මටනං Google Maps වලින් ලංකාවෙ හොයාගන්න බැරි උනු තැනක් තාම හම්බෙලා නෑ... ;)

    ReplyDelete
  2. මේක නම් මරු වැඩක්. ඒත් අපි වගේ පොඩි උදවියට නම් ගාන නම් ටිකක් වැඩියි වගේ පෙනෙන්නේ. මේ වගේම දෙයක් වෙබ් එකෙන් නොමිලේ ලබගන්නත් පුලුවන්. හැබැයි ඉතින් ඒකෙන් යන්න ඕනි තැන හොයාගෙනම යනවා ඇරෙන්න මගදි අතරමං වුනොත් නම් හොයාගන්න බැහැ. මොකද අපි යන යන තැන්වල ඉන්ටර්නෙට් නැහැනේ. ගිහින් බලන්නකෝ මෙන්න ලින්ක් එක,
    මේ සයිට් එකේ උඩින්ම තියෙන Point of Interest කියන ලින්ක් එකේ බලන්න,

    http://www.mapmyplace.com

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය