Saturday, August 8, 2009

ස්ලිට් හා ස්වයං මාධ්‍ය[බොලොග්] වාරණයක!!!!!!!!!!!!

ඇත්තම කියන්ඩ එපැයි ඉස්සල්ල ඔය ෆිල්ම් එකක් බලල ඒක ගැන සිංහලෙන් ලියන්න බොලොග් එකක් පටන්ගත්තට මම දන්න මාධ්‍ය කෙරුවාවක් නැහැ.
ඒ උනාට මට හරිම පුදුමයක් පේනව. රාමුවෙන් පිට මහතා ඇරෙන්න කිසි කෙනෙක් ස්ලිට් එකේ උනා කියන කාලගෝට්ටිය ගැන ලියවෙලා තියෙනව දැක්කේ නැ. මට මග හැරිලද දන්නැ. කොහොම උනත් එක්කො අපේ බොලොග් කරුවෝ පොලොසියට බයයි,එක්කෝ සිංහල බොලොග් ලියන අය ඔය ආයතනයේ ඉගෙන ගන්නේ නැ, එක්කෝ ඔය වගේ ඒවා වෙන්නේ කැලනියේ, ජපුර, උවේ කොටින්ම ඔය පින් විශ්වවිද්‍යාලවල කාලකන්නින්ගේ වැඩ කියල බ්ලොග් ලියන, කමෙන්ට් දාපු අයට දැන් පොලවේ කකුල ගැවෙනව ඇති. සල්ලි ගෙවල ඉගෙන ගත්තත් , ශිෂත්වයකින් නොමිලේ ඉගෙනගත්තත් , රැග් වුනත් නැතත් මිනිස්සුන්ගේ ගොත්‍රික ගති එලියට එනව. බලය තියන එකා අනිකාව පාගනව. කල්ලි ගැහැනව. සල්ලි ඇති නැති, පොරවල්- පොත් ගුල්ලෝ ,පක්ෂ බේද , ගමේ සෙට් එක කොලබ සෙට් එක මේ ආදි මෙකී නොකී කල්ලි ඇතිවෙනව.
කොහොම උනත් ගොඩක් අය තම පන්තිය රැක ගන්නත් ස්වයං මාධ්‍ය වාරණයක නිරත වෙනව කියල තමා පේන්නේ..

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com