Saturday, January 2, 2010

ජාතික ගීය ගයන විට ඇගට හිතට එය දැනෙනවද???








ජාතික ගීය ගයන විට ඇගට හිතට එය දැනෙනවදආනන්ද සමරකෝන් ශුරින් 1940 දී විසින් රචිත ,සංගිතවත් කල අපගේ ජාතික ගීයට මම ගරු කරත් පොඩිකාලේ ඉදන් මේකට කැමති නැ. මට ඇහෙන්නේ පල්ලියේ යාතිකාවක ස්වරුපයක්.මිට වැඩිය රත්න දීප ජන්ම භුමි ගිතය අහන්න ආසයි. මට නම් හිතෙන්නේ ඒවගේ ගිතයක් අලුතෙන් හැදුවොත් හොදයි.මේ ගැන අපේ කට්ටිය මොනවගේ අදහසක්ද දරන්නේ.

12 comments:

  1. අනේ මන්දා, මට නම් ජාතික ගීය කියනකොට ඇහෙනකොට රත්නදීපෙට වඩා අභිමානයක් හිතට එනවා. රත්නදීප ස්ලෝ එකේ කියන හින්දද දන්නෙ නෑ

    ReplyDelete
  2. මම හිතන්නේ උලත් එකයී පිලත් එකයී සින්දුව ඔය ඔක්කොටම වඩා අවන්කයී කියලයී.

    ReplyDelete
  3. අනිත් බොහෝදේම වගේ ලංකාවෙ ජාති ගීයත් ගන්න දෙයක් නෑ, ජාතික ගීයක් තියෙන්න ඕන ඒක ඇහෙනකොට කික් එකක් එන්න. අපේ තියෙන්නෙ කාලකණ්නි දියාරු ජාතික ගීයක්.

    නිවැරදි තේරුමක් නැතත් සමහර patriotic theme තියන හින්දි චිත්‍රපටි වල සිංදු වලින් මීට වඩා කික් එකක් එනවා.

    ReplyDelete
  4. දැනට තියෙන ජාතික ගීය අර්ථවත් බවින් පිරිලා. නමුත් ශබ්ද රසය පැත්තෙන් ගත්තොත් ටිකක් 'දියාරු' ගතියක් තියෙන බව මටත් හිතෙනවා.

    ReplyDelete
  5. හැමෝට ම කැමති සින්දුවක් ලෝකෙ කොහෙද තියෙන්නේ. අප ඉතින් කවදාවත් තියෙන එකෙන් සැනසෙන කට්ටිය ද? නැහැනේ.

    ReplyDelete
  6. මචන් ඔයා දන්නවද ජාතික කොඩිය , ගීතය වෙනස් කරන්න පාර්ලිමෙන්තුවෙ 2/3 සහ ජනමත විචාරනයක් පවත්වන්න ඕන කියල ජනාධිපති කම වෙනස් කරනව වගේ ලොකු වැඩක් තමයි ඕකත්...

    මට නම් අපේ ජාතික ගීතය ගයනා කරන කොට අභිමානයක් දැන්නෙවා.. රත්න දීප ගීතයට වඩා..

    ReplyDelete
  7. ඇයි මචන් කොඩියෙ ඉන්න සිංහයවත් වෙනස් කරමු. ඌ මෘගයෙක්නෙ. අපි ඊට වඩා දියුණුයිනෙ

    ReplyDelete
  8. මටනම් දැනෙන්නේ අවමානයක්
    රත්න දීපත් එහෙම තමා

    ReplyDelete
  9. ජාතික ගීයට වඩා අර්ථවත්, දේශාභිමානී හැඟීම්බර, ගීත අතළොස්සක් අපේ රටේ තියනවා..ඒත් ඒවාට ජාතික ගීයට ඇති ගෞරවය ලැබෙන්නෙ නෑ..මොකද "ශ්රී ලංකා මාතා" ගීය ජාතික ගීය ලෙස ලියා පදිංචිවී අවසන්..මා දන්නා පරිදි "රත්න දීප" ගීතයත් "ලංකා ලංකා පෙම්බර ලකා" ගීතයත්.. ඇතුළුව තවත් ගීත කිහිපයක්..එවකට ජාතික ගීය ලෙස යෝජනා කර තිබී තිබෙනවා..රත්න දීප ගීතය ප්රතික්ෂේප වී ඇත්තේ එහි යෙදී ඇති ස්වර පරාසය සාමාන්ය පුද්ගලයෙකුට ගායනා කිරීමට නොහැකි ආකරයෙන් යොදවා තිබීම කියා මා එක්තරා ලිපියක කියවා තිබුණා..”ලංකා ලංකා” ගීතය ප්රිතික්ෂේප වීමට හේතුවනම් මා දන්නේ නෑ..කෙසේ වෙතත්, මෙම ගීතය ශ්රී ලකා ජාතික ගීය ලෙස තෝරා ගෙන තිබීම ගැන වගකිව යුත්තේ එවකට ටී.බී ඉලංගරත්න මහතා මූලිකව කටයුතු කළ සංස්කෘතික අමාත්යංශය යි..

    ReplyDelete
  10. මමත් හිතන්නේ රත්න දීප ජන්ම භුමි ගිතය ඇහෙනකොට ජාතික ගීය ගයනකොට වඩා ඇඟට දැනෙනවා කියලා.ඒ කොහොම උනත් හදවතට තදින් දැනෙන විදිහේ ජාතික ගීයක්(දැන් එකට වඩා) තිබුනනම් හොඳයි. එහෙම උනොත් අපේ මිනිස්සුන්ගේ රටට තියන ආදරය තවත් වැඩිවෙන්න තිබුනා.

    ReplyDelete
  11. සම්මානි

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com