
මට නම් තියෙන ලොකුම හිසරදයක් තමයි මේ පාරවල් මතක තියගන්න එක. පාරවල් අයිනේ නතර කර මිනිසුන්ගෙන් පාරවල් අහල අතරමං වෙච්ච වෙලාවල් අනන්තයි. විශේෂයෙන් ගල් වලේ පංචිකාවතේ පාරවල් වල.
තවදෙයක් තමයි පෙට්‍රල් ෂෙඩ් හරි , බැංකු හොයන එක හොය හොයා යනකොට පහුවෙලා ඉවරයි. අනික කට්ටිය ඔය කියන ෂොර්ට් කට් පාරවල් ඇත්තටම ෂොර්ට් ද කියන එක.
දැන් අවුරුදු දෙකකට විතර කලින් අපේ ශාමාල් පේරාදෙනිය E/97 ගෙට්‍ටුවේදී මේ GPS කතාව කිව්ව . කාපු බිපු වෙලාවට කියන කතා කවුද ඉතින් සිරියස් ගන්නේ. ලෝකෙට මේක අලුත් නොවුනාට ලංකාවේ තියෙන සංකිර්ණ අවුල්සහගත අච්චාරු මාර්ග නාම කරන සහ ලිපින පද්ධතිය තුල මෙහෙම දෙයක් හදපු එක අතිවිශාල ජයග්‍රහණයක්. මට මතකයි අපේ ඉංජිනේරු ප්‍රදර්ශනයේ දි ෂාමාල් කාර් එකක ටයර් පන්ච් එකක් ගියාම ගොඩදාගන්න ගැජට් එකක් හැදුව. මේ වගේ දෙයක් ඔනි වෙලා තියෙන කෙනෙකුට වෙබ් එකට ගිහින් බලන්න පුලුවන්. මේක ගත්තත් නොගත්තත් මේක තරුණ නිර්මාණකරුවෙකු සහ විව්‍යයසායකෙකු වශයෙන් අගය කල යුතු ආදර්ශමත් වැඩක්.
http://www.salagis.com/
http://www.salagis.com/index.php?option=com_chronocontact&Itemid=5