Thursday, December 31, 2009

The Other Man 2008 BRRip සැකයක්!!!!!!!!!


මේකත් එල කතාවක් නිවාඩු පාඩුවේ බලන්න. උසස් ‍රැකියාවක් කරන නිහඩ පුද්ගලයෙකුට තම බිරිද ගැන සැකයක් ඇතිවී ඒ ගැන හබායනව ඔහුව රවටා ඇති බව දැනගන්නවා ඔහු මොනව කරයිද මෙය perfect murder , unfaithful වගේ එකක්
බාගන්න

Monday, December 28, 2009

Where in the World Is Osama Bin Laden? දන්න කෙනෙක් කියන්න!!!!!!!


ඔසාමා කියන්නේ කවුද?ඉන්නේ කොහේද ? ඇත්තටම මිනිස්සු මොනවද කියන්නේ ස්වාධින වාර්තාමය වගේම චිත්‍රපටියක් ඉතාම සිත්ගන්නා ආකාරයට කරල තියෙනව

බාගන්න





Rate:6.7/10
http://www.imdb.com/title/tt0963208/

Wednesday, December 16, 2009

2012 2009 R5 අපි ඉවරයි!!!!


මේක ගැන film ලියන්න දෙයක් නැනේ ඉතා හොද පැහැදිලි R5 rip එකක්. මෙක හොදට කරල තියෙනව. ඒත් අතාත්වික ගතිය වැඩියි. සුපර්මාකට් එක ඇතුලේ එක ලග දෙන්න බඩු ගන්නකොට මිටර් ගානක් ලොකු පැල්මකින් දෙන්න වෙන් වෙනකොට එන කම්පනය එක්ක රංගනය. වාහනය ලොකු පැලීම් උඩින් පන්නන එවා නොතිබුනා නම් හොදයි.

බගන්න ලින්ක් එක

Moon 2009 BDRip 2009


මේක අලුත් බලන්න පුලුවන් කතාවක්. හරි සරලයි. කම්පැනියකින් අනාගතයේ දි හදේ බලශක්ති මුලද්‍රව්‍ය පොලවට එවන ව්‍යාපෘතියක් කරනව මේකට සැම් කියල කෙනෙක් යොදවනව. ඔහු අමුතු අද්දැකිම් වලට මුහුන දෙනව මේක බලනකොට හදේ ඇති පාලු ගතිය අපිටත් දැනෙනව.
ඩිමොනයි දැන් වැඩ

බාගන්න ලින්ක් එක

Thursday, October 15, 2009

BBC මඟින් පවත්වන ලද අවසන් 12 ට තේරුන නව සොයා ගැනීම සඳහා වන තරඟයෙන් ශ්‍රී ලාංකීය නිර්මාණය (Bright Idea-Safe Bottle Lamp Project – Dr. Wijaya Godakumbur

BBC මඟින් පවත්වන ලද අවසන් 12 ට තේරුන නව සොයා ගැනීම සඳහා වන තරඟයෙන් ශ්‍රී ලාංකීය නිර්මාණය (Bright Idea-Safe Bottle Lamp Project – Dr. Wijaya Godakumbura) සඳහා ඔබේ ජන්දය ලබාදෙන්න....

Dear Sri Lankans,

Please vote for a Bright Idea-Safe Bottle Lamp Project – Dr. Wijaya Godakumbura

A Sri Lankan project is one of the 12 finalists of “The World Challenge – 09” contest

conducted by the BBC, Newsweek and Shell.

Please log onto one of the following :

1. http://www.safebottlelamp.org and click breaking news on home page

2. http://www.theworldchallenge.co.uk and click vote now


Sunday, September 27, 2009

ලැප්ටොප් එක හොරු ගත්තොත් .....මේ විදිහට අංජනම් එලියක් යවමු

මේ දවස් වල හැම කෙනෙක්ම ලැප්ටොප් වලට ආකර්ශනය වෙලා මොකද ගානෙත් ලොකු වෙනසක් නැති වේගෙන එන නිසා. ඒ සමගම හොරකමත් වැඩි වෙලා. කාර් ඇතුලේ දාල ගියාම මාස්ටර් හොර යතුරකින් හරි විදුරුව බිදල හරි හොරකන් කරනව. සමහර ඔ‍ෆිස් වල මහ දවල් කැම කාල එන කොට බඩු නැ.
මේක ගැන හොයනකොට හමුවුනා සොෆ්ට්වෙයා කිහිපයක් ටිකක් හොදයි මේක තැන පෙන්නුවාට මම හිතන්නේ මොබිටෙල් සවර් එක වෙන්න ඇති මේ පෙන්වන්නේ. IP එකක් නම් දෙනව ඉමෙල් එක්කුත් එවනව ඉන්න තැන ගැන. දන්න කෙනෙක් කියන්න IP දන්නවනම් හොරා අල්ලන හැටි. කොහොමත් මුරපද නැතුව තමා තියන්න වෙන්නේ
නැත්නම එකපාරටම ෆොර්මැට් කරල දායි. කොහොමත් මේකේ සිමා තියනව. Free තමා දෙන්නේ සල්ලි දීල ගත්තොත් වැඩ කැලි ගොඩයි.

SCVVHSOT.exe is infected by Win32:KillFiles-058 [Trj] වෛරසයක් කල හදියක්




මේකයි වුනේ අපේ presentation පුහුනු විමකට ලැප්ටොප් එක ගේන්න මම බාරගත්ත. ඉතින් මෙකි නොකි ආකාරයේ ෆ්ලැෂ් ඩ්‍රයිව් එකට ගැහුව අවාස්ට වලින් ස්කැනුත් කොලා හැම වෙලෙම මතක හැටියට.
හවස ගෙදර ඇවිත් ඔන් කලා මුරපදය දුන්නාහම කොයි !! බාලා ඉන්නවා ඉන්නවා කොයි!! මුකුත් නැ අලුපාටයි මුලු තිරයම. හාඩ් බල්බය එකසිය ගානට කියවනව.
අපේ HP එකෙන් දිලා තියෙන බුට ආයුද බාවිතා කලාට කිසිම ගුනයක් නැ
පස්සේ F8 ගහලා සෙෆ් මුඩ් ගියා අර විදිහමයි. ඔකේ තියෙන ඔක්කොම ඒව පාවිච්චි කලා ඒත් නැ. අන්තිමට ආව hp සිඩි එක දාලා අලුත්වැඩියා කරන්න කියල. ඒක ඉතින ඔෆ්ස් එකේනේ. දැන් ‍රැ 10.30 සියලුම දේවල් මෙකේ ඇතුලේ සදුදා ඉතින් කිව්වොත් ඔ‍ෆිස් එකේ ඕක්කොම අහයි ඇයි බැකප් කලේ නැද්ද කියල. ඕක අපේ පන්සිල් වගේ දැන ගත්තට කිව්වට හරියට කොරනවයැ!!

බැකප් තිබුනත් system එකක් නැති වුනොත් එකෙ පාඩුව කවදාවත් ගන්න බැ. මේක අපි ගත්ත තැනට දුන්නොත් අලුත් එකක් විදිහට තමා ලැබෙන්නේ දෙයියන්ගේම පිහිටයි. ඉතින් ඔහොම ඉන්න කොට මතක් උනා එක තැන කදී කමාන්ඩ් ලයින් එක ආව. ඒ කියන්නේ සෙෆ් මුඩ් විත් කමාන්ඩ් ලයින් ගත්ත ඒක. හරි ඒක ආව ඉට පස්සේ මම ගියා 1992 මතකයට අපේ ඉස්කොලෙට ආපු පරිගනකය ගනන් සර් එක්ක අත්හදා බලන්න එවල තිබුන පොතේ පාඩම් වලට. මතක තියෙන්නේ CD, DIR,Format විතරයි.
කොහොමහරි ප්‍රොග්‍රම ‍ෆියිල්,අතුලේ අවාස්ට් නැ. සැකේට ගියා අල්විල් සොෆ්ට් එකට බඩු ඉන්නවා. අවාස්ට් 4 එක අතුලේ exe සෙට් එකක් තියනව එකෙන් එක ගහලා අන්තිමට ආව ප්‍රොගැම් එක අවාස්ට් ගොයියා ඇල්ලුවා මෙමරි එකේ දෙන්නෙක්. පස්සේ අවාස්ට් ඉල්ලුවා රි බුට් කරල ස්කැන් කරන්න ඔනි කියල ‍රැ 11.30 ඉවර කරල 1 වෛරසයක් ඇල්ලුවා හැබැයි ඉට කලින් අයනම් මට මතක තියාගන්න සිහියක් තිබුනේ නැ මේක ගත්තේ බුට් ලොග් එකෙන්
ඉතින් දන්න අය කියන්න මේවගේ දෙවල් වලක්වාගන්නේ කෙසේද කියල

VBS:Malware-gen
Win32:AutoRun-VC
Win32:Oliga [Trj]

Saturday, September 19, 2009

The Vampire Diaries (2009) මේක Twilight වගේ එල කතාවක මෙගා එකක්


කාලයකින් බොලොග් ලියන්න බැරි වුනා LOST කතාමාලාවේ පරිච්චේද 5 ම ඉවර කරා. හිරොස් වගේ එකක් බලන්න හිතා ගෙන ඉද්දි හම්බ වුනා True Blood කතා දෙකක් විතර බැලුවට ගතියක් නැ අතහැරල දැම්ම. නියම එල එකක් හම්බ වුනා මේක Twilight වගේ එල කතාවක මෙගා එකක්. තවම කතා දෙකයි පෙන්වලා තියෙන්නේ IMDB හැටියටයි අනිත් විචාර හැටියට ලොකු ආකර්ශනයක් තියනව මේකට. වැම්පයරයෝ සහ මිනිස්සු අතර ඇතිවෙන සබදතා ගැන කියවෙන එකක්. හරිම ලස්සනට තියෙවි කියල හිතනව. Demonoid මේ දවස් වල ඩවුන් ඒක නම ලොකු අවාසියක්.


ටොරන්ට ගන්න 1 සහ 2 කොටස්

Thursday, August 27, 2009

Lost 2,3,4,5 ඉක්මනට බාගන්නේ කොහොමද???????????


Lost කතාමාලාවේ 4 වැනි පරිච්චේදයේ තමයි ගත කරන්නේ. 3 වෙනි එකට එනකම් නම් එල. දැන් ටිකක් අධ්තාක්ෂණික ගතියක් තියෙනව. time Travel කියන්නේ ලොකු දේවල්නේ කොහොම උනත් අපේ මෙගා නාට්‍ය තරම අල නැති නිසා බලනව තවදුරටත්. මේක ටිකක් පරන නිසා ටොරන්ට වලින්
බාන කොට ටිකක් වේගේ අඩුයි.
මම නම් කලේ මෙහෙමයි අපි කියමු season 2 බානව කියල ඕකෙන් ටොරන්ට වෙනස් දෙකක් හොයාගන්නව. ඔපන් කරනකොට අර එන මෙනු එකේ පලවෙනි හා දෙවෙනි කොට
ස විතරක් ටික් කරල. දෙවනි එක ඔපන් වෙද්දි 3,4 ‍තෝරනව . ඉට පස්සේ ෆයිල් ටබයේ ස්පීඩ් එක හයි කරනව එකක. තව දෙයක් මේකෙ 3 වැනි පරිච්චේදෙට තියනව .mkv ෆොමැට් එකෙන් මේක එල avi තත්වයෙන්ම 350 තියන එක 175 MB ගන්න පුලුවන් මම නම ඔක දැනගත්තේ ලගදී .


ඩිමොනොයි ටොරන්ට බාගන්න 2,3,4,5

Tuesday, August 25, 2009

Fighting (2009) ඉතා ඉහල ඔට්‍ටුවකට තරග වදිනව !!!!!!!!!!!!!


මේක විදි සටන් කරුවෙක්ගේ කතාවක්. සල්ලි නැතිකම නිසා ඔය අතට අහුවෙන දෙයක් විකුනමින් සිටින තරුනයෙක්ව උපක්‍රමශිලීව නිතිවිරෝධී සටන් වලට පොලබවාගන්න්වා. හොද හිතක් තියෙන මොහු තරුනියක් සමග ආදරයෙන් බැදෙනව. අන්තිමේදී ඉතා ඉහල ඔට්‍ටුවකට තරග වදිනව මේ සමග ඔහු නොහිතන දෙයක් දැන ගන්නව.

#මේ කතාවේ පටගන්න හරියේ ලොකු වැස්සක් එක්ක තෙමිගෙන ගිහින් තෙත බරිත වෙච්ච පෙට්ටිය හොටලයේ තියල සල්ලි අරන් එනකොට ඒ කියන්නේ විනාඩි දෙකක් නැ අර පෙට්ටිය වේලිලා එලියේ වැහැපු පාටක්වත් නැ මම මේ ගැන IMDB එකට ලිව්ව ඒ අය බලල දායි සමහර විට.

ඩීමනොයිඩ් ටොරන්ට බාගන්න BRRip

5.2/10 3,251 votes
http://www.imdb.com/title/tt1082601/

Monday, August 24, 2009

Ancient Inventions War and Conflict යුධ තාක්ෂණයට පාදක වු අතිත සොයා ගැනීම්!!!!!!!!!!


මේක මිට කලින් ලිව්ව ලිපියක දෙවනි කොටස. මේ වැඩසටහනේ විස්තර කරන්නේ නවීන යුධ තාක්ෂණයට පාදක වු අතිත සොයා ගැනීම්. ඉතා වැදගත් අප පුදුමයට පත් වෙන වැඩසටහනක්

ඩීමොනොයිඩ් ටොරන්ට බාගන්න

Obsessed (2009) ඕනවට වඩා උනන්දුයි !!!!!!


මේක මේ අප්‍රේල් වල ආව එකක්. කම්පැනි එකක ඉහල නිලධාරියෙකුට තාවකාලිකව සහයට එනව තරුන ලේකම් වරියක්. ඇය මොහු ගැන ඕනවට වඩා උනන්දුයි. මොහු ඇයව එච්චර ගනන් නොගත්තත් ඇය පිස්සුවෙන් වගේ මොහුට බලපැම් කරනව. නමුත් හොද පවුල් ජිවිතයක් ගත කරන මොහුට ඇය ගෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද?

ඩීමොනොයිඩ් ටොරන්ට බාගන්න!!!!!

Wednesday, August 19, 2009

සිංහල බ්ලොග් ලිව්වට ඉංග්‍රිසි ටිකක් ඉගෙන ගමු


සිංහල බ්ලොග් ලිව්වට ඉංග්‍රිසි ටිකක් ඉගෙන ගමු. මේ තියෙන්නේ ඉතා හොද වැඩසටහන් තුනක්





1.TELL ME MORE LEARN ENGLISH
2.Tell Me More English 8.0 (Beginner, Intermediate, Advanced)
3. Learn To Speak English 9 Deluxe 4 CD-ROM Set


ඩිමොනොයි ටොරන්ට

Monday, August 17, 2009

Labor Pains (2009) ලමයෙක් හම්බවෙන්න!!!!!!!!!!!!!


මේක ඉතින් සරල කොමඩියක්. අලුතෙන් වැඩට ගිය ගැහැණු ලමයෙක් කරන වැරදි නිසා ඇයව අස්කරන්න යන කොට ඇය කියනව තාමාට ලමයෙක් හම්බවෙන්න ඉන්නේ කියල. අපේ අපේ රටේ කොහොමද දන්නැ එහෙ එහෙම කෙනෙක් රස්සාවෙන් අයින් කරන්න බැ ඒ කාලෙදී . මේක නිසා හැමෝම වෙනස් වෙලා උදව් කරනව. මේ බොරුව පවත්වගන යන විදිහ විනෝද ජනකයි.

ඩිමොනයිඩ් ටොරන්ටය බාගන්නBRRip H264

Wednesday, August 12, 2009

Discovery Ancient Inventions Sex and Love මිනිස් මුත්‍රා ගැලුම් ගානක්!!!!!!!!!!


මේ කියන්නේ ලස්සන වාර්තා වැඩසටහනක් ගැන ලොකේ ඉතිහාසය සහ අපි නොදන්න දේ ගැන ඉගෙන ගන්න නියම වැඩ සටහනක් මේක මේකේ තව මාර්තෘකා ඉදිරියේ දාන්නම්. මේකේ කියපු එක දෙයක් කියන්නම් ඔය ශක්තිය වැඩි කරන බෙහෙත් හදන්නේ මිනිස් මුත්‍රා ගැලුම් ගානක් එකතු කරල උනුකරල සම්පුර්න වතුර ටික වාෂ්ප කරාම ඉතිරි වන ගණ ද්‍රව්‍ය ටික තිබුනාම සිනි කැට වගේ ක්‍රිස්ටල් හැදෙනව මේව ඇත්තටම හෝමෝන ලු. චිනේ තවම මේව හදන්නේ මේ විදිහට. එතකොට උපත් පාලන පෙති හදන්නේ ඔය වල් අල ජාති අරගන. මේක හරිම අමුතු වැඩසටහනක්

ඩිමොනොයිඩ් ටොරන්ට බාගන්න

Tuesday, August 11, 2009

Road of No Return (2009) බාන්න එපෝ!!!!!!!!!!!!!!!!!


නම දැක්ක ගමන් හිතුවේ horror එකක් කියල දඩස් ගාල බාගත්ත බලනකොට Action කමක් කියල බැලුව මෙලෝ රහක් නැ. අපේ " පබා " ටත් අන්තයි . මගේ චිත්‍රපටි එකතුවට දාගත්ත මේවත් තියෙන්න එපැයි. මම මුලදි හිතුවේ අර අමුතු in to the wild පාරෙවත් යයි කියල අපේ හදගම මහත්තයා ගේ වගේ වත් නැ. බලපු අය ඉන්නවනම් කියන්න මොකක්ද මේ කියල විනාඩි 40 ක් විතර දවස් දෙකක් තිස්සේ බැලුව.


http://www.imdb.com/title/tt1298716/
3.9/10
151 votes
Release Date: 2009 (USA)


The Soloist (2009) මේ විදි ගායකයා!!!!!!!!!!!!


මේක සත්‍ය කාතාවක් පසුබිම් කරගත් විදි ගායකයෙකු හා පුවත් පත් තිරු රචකයෙකු අතර ඇතිවු මානුශිය බැදීම ලස්සනට පෙන්වනව. අති දක්ෂ වාදකයකු වන මේ විදි ගායකයා මානසික ආබාධයකින් පෙලෙනව මේ වගේ අය ගොඩක් ඉන්නව. මේ අය ලගට ගොස් සමිපව ඉදිමින් ඒ අය තේරුන් ගනිමින් ඒ අයට යම්කිසි සමාජ සාධාරණයක් ඔවුන්ට ලබා දීමට මොහු දරන උත්සාහය හරිම සංවේදියි.

http://www.imdb.com/title/tt0821642/
7.0/10 4,753 votes
24 April 2009 (USA)


ඩිමොනොයිඩ් ටොරන්ට බාගන්න BluerayRip

Monday, August 10, 2009

HDTV Discovery The Beauty of Snakes මේ අතිශයෙන්ම සුන්දර සර්පයන්~~~~~~~~~~~~~~~~~~~


මේක අතිශයෙන්ම සුන්දර වැඩසටහනක් ඒ උනාට හැමෝටම බලන්න අමාරුයි ‍රැට හිනෙන් පෙනෙයි කියල බය අය ඉන්නවනේ. මම දන්න අයට පෙන්වන්න හැදුව කොයි ! බලනව තියා විස්තරවත් අහන්න බයයි.
කොහොම උනත් අලුත් අද්දැකීමක් මෙකෙ කියන ආකාරය සමහර දර්ශන HD කැමරාවකට අරන් තියෙන්නේ ලොව පලමු වතාවට. සර්පයන්ගේ උපතේ සිටම දැනගන්න පුලුවන් විශ්වාස කරන්න සමහර අය දිවට එන රසය අනුව සතාගේ ස්වරුපය මවා ගන්නව.

ඩිමොනොයොඩ් ටොරන්ට බාගන්න

Saturday, August 8, 2009

ස්ලිට් හා ස්වයං මාධ්‍ය[බොලොග්] වාරණයක!!!!!!!!!!!!

ඇත්තම කියන්ඩ එපැයි ඉස්සල්ල ඔය ෆිල්ම් එකක් බලල ඒක ගැන සිංහලෙන් ලියන්න බොලොග් එකක් පටන්ගත්තට මම දන්න මාධ්‍ය කෙරුවාවක් නැහැ.
ඒ උනාට මට හරිම පුදුමයක් පේනව. රාමුවෙන් පිට මහතා ඇරෙන්න කිසි කෙනෙක් ස්ලිට් එකේ උනා කියන කාලගෝට්ටිය ගැන ලියවෙලා තියෙනව දැක්කේ නැ. මට මග හැරිලද දන්නැ. කොහොම උනත් එක්කො අපේ බොලොග් කරුවෝ පොලොසියට බයයි,එක්කෝ සිංහල බොලොග් ලියන අය ඔය ආයතනයේ ඉගෙන ගන්නේ නැ, එක්කෝ ඔය වගේ ඒවා වෙන්නේ කැලනියේ, ජපුර, උවේ කොටින්ම ඔය පින් විශ්වවිද්‍යාලවල කාලකන්නින්ගේ වැඩ කියල බ්ලොග් ලියන, කමෙන්ට් දාපු අයට දැන් පොලවේ කකුල ගැවෙනව ඇති. සල්ලි ගෙවල ඉගෙන ගත්තත් , ශිෂත්වයකින් නොමිලේ ඉගෙනගත්තත් , රැග් වුනත් නැතත් මිනිස්සුන්ගේ ගොත්‍රික ගති එලියට එනව. බලය තියන එකා අනිකාව පාගනව. කල්ලි ගැහැනව. සල්ලි ඇති නැති, පොරවල්- පොත් ගුල්ලෝ ,පක්ෂ බේද , ගමේ සෙට් එක කොලබ සෙට් එක මේ ආදි මෙකී නොකී කල්ලි ඇතිවෙනව.
කොහොම උනත් ගොඩක් අය තම පන්තිය රැක ගන්නත් ස්වයං මාධ්‍ය වාරණයක නිරත වෙනව කියල තමා පේන්නේ..

Friday, August 7, 2009

Naica Secrets of the Crystal Cave මේක ගිහින් බලන්න ආසයි!!!!!!!!!


ලොස්ට් 2 බලමින් ලොස්ට් වි සිටන විට තමා හම්බ වුනේ. ලස්සන අත්භුත හොයා ගැනීමක් මෙක්සිකොවේ නයික කියන ප්‍රදේශයේ මිටර් 300 ගැබුරු ආකරයක්දී හමුවු ක්‍රිස්ටල් ගුහාවක් හරිම ලස්සන වගේම මිහිතලයේ ජිවය උපත පිලිබද තොරතුරු සොයමින් ගවේශකයෝ පරීක්ෂණ කරනව වෙනසකටත් එක්ක බලන්න.

ඩිමොනොයිඩ් ටොරන්ට

Tuesday, August 4, 2009

The Last House on the Left (2009) සාධාරණ පලිගැනීමක්ද????????


මේකේ නමේ හැටියට හොල්මන් වගේ උනාට මේක අපරාධ ගණයේ එකක්.මේකතාවේ තරුණ ගැහැනු ලමයි දෙදෙනෙක් ඉන්නවා. මොවුන් අපරාධකාරයෝ වගයකට අහුවෙනව නගරයෙදී. මේ අය අමානුශික ලෙස මොවුන්ට වදදෙනව. මැරුව කියල හිතුවට නොමැරෙන මේ එක් අයෙක් ගෙදර එනව. ඉන්පසු පලිගැනිම පටන්ගන්නව. කුතුහලය පිරි කතාවක්

ඩිමොනොයිඩ් ටොරන්ට බාගන්න ඉතා පැහැදිලි කොපියක්

Saturday, August 1, 2009

The Haunting In Connecticut 2009 මේක ඇත්ත කතාවක්!!!!!!!


මේ කතාව හරියට වොල් ඉන්, දි අදර්ස් වගේ එකක්. මේක ඇත්ත කතාවක් තමා කියන්නේ . සාමාන්‍ය පවුලක ලමයෙකුට පිලිකාවක් හැදෙනව. මේක බෙහෙත් කරගන්න ඔනි නිසා ඉස්පිරිතාලේ කිට්ටුව පරන ගෙයක් ගන්නවා. මේ ගෙදර හොල්මන් විමානයක්.මේවට ආස අයට ඉතා හොදයි,

Blue ray නිසා නිල් කැටෙට පැහැදිලි පිටපතක්.

http://www.imdb.com/mymovies/list?l=42698624
5.8/10 6,858 votes
27 March 2009 (USA)

ඩිමොනොයි ටොරන්ට බාගන්න

Thursday, July 30, 2009

කොන්ඩම් තියරියේ විය සිදුරක්!!!


දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක බ්ලොක් කරන එකනේ [කොන්ඩම් තියරිය]ඒක හොද/නරක දෙකම තියන වැඩක්. පොඩි විය සිදුරක් අහුවුනා

http://www.proxybrowsing.com/

Tuesday, July 28, 2009

Firewall (2006) ඔය IT කට්ටියටනම් අල්ලලා යයි!!!!!!!!!


මේ කතාවේ නමෙන් තෙරෙනවනේ මේක මොකක් ගැනද කියල. ඔන්න බැන්කු වල ජාල ගත ගිනුම් බාරව වැඩකරන ලොකු වැඩකරුවෙක් ඉන්නවා. මෙයාව බැලැක් මේල් කරමින් හොරකමක් කරන්න හොරු කන්ඩායමක් සැට් වෙනව. මෙයා මේකෙන් බේරෙන්න දාන වැඩ කැලි තමා තියෙන්නේ.

http://www.imdb.com/mymovies/list?l=42698624

Sunday, July 26, 2009

Friday the 13th (2009) මේවට ආස අයට එල!!!!!!!!!!!!!!!!!!!


මේක 80 ව දශකයේ දී ආව මේ කතාවේ ඉතුරු කොටස කියල කියන්න පුලුවන්. ක්‍රිස්ටල් ලේක් කියන ප්‍රදේශය ඉතා අබිරහස් තැනක් නිවාඩුව ගත කරන්න කියල කොල්ලෝ කෙල්ලො යනව ඔවුන් අතුරුදහන් වෙනව මේක හැම දාම වෙනව. අයිය කෙනෙක් එනව නැතිවුන නංගිව හොයාගෙන එයා බෙරා ගන්න එක හිතන තරම් ලේසි නැ ආයේ හිතන්න දෙයක් නැ මේවට ආස අයට එල. මේ කොපිය Blu-ray Rip එකක් නිසා ඉතාමත් හොද එකක්
නිසා බලන්න ආසයි දර්ශන අරන් තියෙන විදිහ.

5.9/10


ටොරන්ටය බාගන්න

The Young Victoria 2009 රැජිනක්!!!!!!!!!!!!!!!!!!!!


රැජිනක් වටා ගෙතුනු කතාවක් කිව්වොත් මම නිවැරදියි.
අවුරුදු 18දී රජ කම ලැබිල පවුලෙ කාගෙවත් වෑඩිහිටි කෙනෙකුගෙත් උපදේසයක් නෑතිව රජකම විතරක් නෙවේයි තමන්ගෙ ආදරවන්තයා එක්ක පවුල් කන එකත් හිතන තරම් රැජිනකට ලේසි නෑ. ඒත් ඒ හැමදේම අවබෝධ කරගන්න ඈ ඒ තරම් කාලයක් ගන්නේ නෑ. තමන්ගෙ රාජ්ය කාලය වගේම පවුල් ජීවිතයත් කාටත් මතක හිටින තරම් හොදට ගත කරන ඈ අවුරුදු 81ක් ආයුවළදා මියයන්නේ නොර්වේ ස්වීඩනය රුසියාව ග්‍රීසිය වගේ රටවල් කීපයකටම රජවරුන් සහ රැජිනිවරුන් 9 දෙනෙක් දායද කරලා. ඈගේ ජීවිතයේ අපේ ජීවිතවල වගේම බලාපොරොත්තු,සිහින වගේම හැල හැප්පීම් මහ ගොඩයි.ඒත් කවදවත්ම නොසිදෙන ශක්තියක් ඈ තුල තියෙනවා
http://www.imdb.com/title/tt0962736/
7.1/10
Release Date: 6 March 2009 (UK)

ටොරන්ටය බාගන්න

Wednesday, July 22, 2009

LOST බලමින් LOST වීම!!!!!!!!!!


මේක ගොඩක් අය බලල ඇති. Prison Break කතාමාලාවෙන් පසු ටික කලක් ඉදල මේකට සෙට් වුනා. සීඩ් තියන ටොරන්ටත් අඩුයි පලවෙනි කොටස් වලට කොහොමහරි ඉවසලා බාගත්ත කොටස් 25 කින් යුත් පලවෙනි පරිච්චේදය ඔක්කොම 5 ක් තියනව වගේ. මගදී අල නොවුනොත් දිගටම බලනව. මේකයි වෙන්නේ මගී ගුවන් යානයක් වැටෙනව පාලු අබිරහස් දිවයිනකට. මේ දිවයිනේ සිදුවෙන සිද්දි හා දිවි ගලවාගත් අයගේ අතිත සිද්දි සමග මුසුවෙමින් කතාව ගලා යනව සාමාන්‍ය චිත්‍රපටි වර්ගිකරනයවන හොල්මන්,ක්‍රියාදාම ,ආදි සියලු අංග තියනව ...
http://www.imdb.com/title/tt0411008/
Rate:
9.1/10


ටොරන්ටය බාගන්න

අර්ධ සූර්ය ග්‍රහණය අපි දැකපු හැටි කාට හරි කියන්න පුලුවන්ද මේ ඉර [සුදු පැල්ලමක් විදිහට] පහලට ආවේ කොහොමද කියල ගත්තේ ජංගම දුරකතනයෙන්

Sunday, July 19, 2009

Home (2009/I) මේක බලල ආත්මානුකම්පාවක් ඇතිනොවුනොත් ඔබ.....?


මිහිකත ගැන ලියවුනු අතිවිශිෂිටම සිනමා වාර්තා වැඩසටහන කියන්න පුලුවන් මේක. පොලවට ඉහලින් කුරුලු ඇසකින් බලන ආකාරයට මිහිකත ගැන උපතේ සිට අනාගත දැක්මක් විස්තර කරනව. මේ ලොකයේ මිනිසුන් ස්වාභාවික සමතුලිත තාවය බිදින අයුරු අපි නොදන්න නමුත් ලොව දියුනු රටවල කරන ජාවාරම් වල ස්වාභාවය ඔබට අහසේ සිට බලන්න පුලුවන්.
එක හරක් මස් කිලොවක් හදන්න වතුර ලිටර් දහස් ගානක් තිරිගු කිලො දහස් ගානක් වැය කරද්දී හයිටි , බංගලාදේශයේ කුනු බාල්දි වලවත් කැමට යමක් සොයාගැනීමට නොහැකිව සිටින මිලියන ගානක් මිනිස්සු
මේ ලොකයේ සැම වැසියෙකුටම අයිති සම්පත් තනිව බුක්ති විදිමින් මානුශික ආචාර ධර්ම හදන ධනවත් රටවල ගැන බලල ඔවුන්ගෙන් මේ රට ආරක්ෂා කරගන්න හිතෙනව මේක බලපුවාම.
මේ කොපිය Blu-ray Rip එකක් නිසා ඉතාමත් හොද එකක්

http://www.imdb.com/title/tt1014762/
Rate :8.5/10 Release Date: 5 June 2009

ඩ්මොනොයිඩ් ටොරන්ටය බාගන්න

Friday, July 17, 2009

The Cell 2 (2009) ඇය පේන කාරියක්!!!!!!!!!!!!!!!


මේ කතාව මේ අවුරුද්දේ ජුනි ආව එකක්. දරුනු අපරාධ කාරයෙක් ඉන්නවා ඔහු කාන්තාවන් පැහැරගෙන ගොස් මරාදමනව. මෙහි සිටිනව පොලිසියට උදව් කරන ඇත්තටම ඇය පේන කාරියක් කියන්න පුලුවන්. ඇයට අපරාධ සිදුවෙන අයුරු පේනව. කතාව නරකම නැ. මේ Blue Ray Rip කොපිය ඉතා හොද එකක්

ඩ්මොනොයිඩ් ටොරන්ටය බාගන්න

Monday, July 13, 2009

The Others (2001) ඔට්ටුයි මේ ජතියේ හොල්මන් කතා බලල නැතුවට!!!!!!!!!!!!!!!!


මේ කාතාවත් එල Horror ෆිල්ම් එකක්. සැමියා යුද්ධයේදී අතුරුදහන් වු කාන්තාවක් පාලු මන්දිරයක තම කුඩා දරුවන් සමග ඉන්නවා. පොඩි ගැහැනු දරුවාට පොඩිලමයෙක් පෙන බව කිව්වත්, ඇය පිලිගන්නේ නැ. කොහොමහරි මේ ගෙදරට වැඩකාරයෝ තුන්දෙනෙකුත් එනව. මේ අය ආපසු හොල්මන් ගතිය වැඩි වෙනව. මේක අමුතුම කතාවක් පලවෙනි වතාවට මෙහෙම එකක් බැලුවේ. මේක ගොඩක් බයවෙන එකක් නෙවෙයි Drama style එකක්. සාමාන්‍ය්යෙන් ඕන කෙනෙකුට බලන්න පුලුවන්.

http://www.imdb.com/title/tt0230600/

7.8/10 76,264 votes



ටොරන්ට බාගන්න

Sunday, July 12, 2009

Confessions of a Shopaholic (2009) අපේ මැජික් කාඩ් එක!!!!!!!


මේක නම් ඉතින් සරල රස වින්දනයක් දෙන ලස්සන කතාවක්. ලස්සනට අදින්න ආස දකින දකින කඩ වලට ගිහින් කාඩ් එක දික්කරල ඇදුම් ගන්න ගැහැනු ලමයෙක් ගැන තමා කියවෙන්නේ. විහිලු වලින් පිරි ඒත් අපි නොදකින ඇත්තක් කතා කරන මේය රසවිදින්න පුලුවන එකක්

http://www.imdb.com/title/tt1093908/
5.6/10 7,822 votes

බාගන්න

Awake (2007) ඇස්පිල්ලන් ගහන්නැතුව බලපු කතාවක්!!!!!!!!!!


මේ කතාව ගැන අටුවා ටිකා ටිප්පනි ලියන්න ඔනි නැ. එලම එල. ඔන්න ගොඩක් පොහොසත් කෙනෙක් ඉන්නව ඔහුට සියලු දේ තියනව ඒත් හදවත් රෝගියෙක් අම්මා ඔහුගේ විවාහයට විරුද්ධ උවත් ඔහු තම පෙම්වතියව විවාහ කරගන්නවා හදිසීයේම හදවත් බද්දයට හදවතක් හමුවෙනව. පසුව ඔහු ශල්‍ය කර්මයකට ගන්නවා. මේ ශල්‍ය කර්ම පැය දෙකේදි ඔහු අද්භුත යතාර්ථයකට මුහුන දෙනව. දෙවරක් නොසිතා බලන්න.


http://www.imdb.com/title/tt0211933/
6.5/10 20,641 votes


බාගන්න.

Wednesday, July 8, 2009

Vampire in Vegas (2009) අල පාත්තියක්!!!!!!!!!!!!!!!


මේක 2009 මාර්තු වල නිකුත් වුනේ. මේ අය කියන්නේ හොල්මන් කතාවක් කියල මේකේ ඇති හොල්මනක් නැ. කතාවේ පලවෙනි දර්ශනයේ දී මම තිරනය කලා මේක අල පාත්තියක් කියල. ඒ වුනාට ප්‍රතිපත්තියක් විදිහට බලන්න ගත්ත එක බලන්නව. මේකේ කතානායකයට ඔනි දවල්ටත් එලියේ ඉන්න පුලුවන් වන වැම්පයර් කෙනෙක් වෙන්න. මේකේ ඉන්න වීරයත් එල කොමිටල් එකක්. මේක කොමඩියකට ගන්නත් බැ. නිල් චිත්‍රපටියකට ලගින් ගියාට අසභ්‍ය දර්ශන කියල කියන්න බැ ඒවාට ඒක නිසා නිල් චිත්‍රපටියකුත් නෙවෙයි. රහස් පරික්ශකයො ටික්කුත් ඉන්නවා. මේක බාගන බැලුවට කමක් නැ මේ කියපුවාට අවුලක් නැත්නම්.

ටොරන්ට බාගන්න

Deadgirl (2008) මැරිච්ච ගැහැණු ලමයෙක් කිව්වට මේ ලමය මැරිල නැ!!!!!!!!!!!!!!!!!!!!!!


මැරිච්ච ගැහැණු ලමයෙක් කිව්වට මේ ලමය මැරිල නැ. කතාව මෙහෙමයි කොලු ගැටව් දෙන්නෙක් පරණ අතහැර දාලා තියෙන ඉස්පිරිතාලෙකට යනව පොඩ්ඩක් විනෝද වෙන්න. ටික වෙලාවකදී මොවුන්ට හමු වෙනව මැරුන ගැහැනු ලමයෙක් බලනකොට මැරිල නැ. ගැට ගහල තියෙන්නේ. මේ අයට පෙම්වතියන් නැති නිසා මේ ලමයව කාටවත් කියන්නේ නැතුව තියාගෙන ඉන්නවා. මේක ටිකක් වෙනස් හොල්මන් කතාවක් අර Ring,Mirror වගේ මේ ලමය ගැන අතීතය පෙන්වන්න උත්සාහ කරන්නේ නැ. අතිවිශිෂ්ට නැති වුනාට බලන්න පුලුවන් 18+ අයට

ටොරන්ටය බාගන්න

The Departed (2006) ඔස්කර් 4 ක් !!!!!!!!!!!!!


මේක රහස් පරික්ෂක කාතා ගණයට තාමා ගන්න වෙන්නේ. පොලීසියට අලුත් නිලධාරීන් පිරිසක් බැදෙනව. මොවුන්ගෙන් දෙදෙනෙක් වටා කතාව ගෙතී තියෙන්නේ. ඉන් එක් අයෙක් පහල සමාජ ස්තරයයකට අයත් අයෙක් ඔහුට සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් විදිහට නැතුව රහස් පරීක්ෂකයෙක් විදිහට මාෆියා කල්ලියක් අල්ලන්න යොදවනව . ඇත්තටම මේ කල්ලි ක්‍රියා කරන්නේ පොලිස් සහය ඇතුව. මෙක නිසා මොවුන් මර්ධනය හිතන තරම් ලේසි වෙන්නේ නැ මේක
IMDB 8.5/10 සහ ඔස්කර් 4 ක් ඇතුලු සම්මාන 53 ක් අරගෙන නරක වෙන්න බැනේ.

ටොරන්ට බාගන්න

Walk the Line (2005) ගිනි ගත් ආදරය!!!!!!!!!!!!!!!


ජොනි කැෂ් නම් ගායකයා වටා ගෙතුන මේ කතාව කෙටියෙන් මෙහෙමයි. කැෂ් ගේ සහොදරයා පොඩිකාලෙදී මියයනව එක්තරා දුරකට ඔහුත් මෙයට සම්බන්ධයි. පසුව යුධ සේවයෙන් පසු විවහ වු මොහුට ජිවිතේ ආර්තික අගහිග කමින් පෙලී සිටිනවිට මොහු වාදක කන්ඩායමක් තනා ගායනයට පිවිසී තරුවක් වෙනව එහිදි ගායිකාවකට ඔහු වසග වෙනව. මේ නිසා පවුල් දිවිය දෙදරා වැටෙනව මේ කතාව මේ වගේ කතාබලන අයට හොදයි. ඔස්කාර් ඇතුලු සම්මාන 30 කට වැඩි ප්‍රමාණයක් අරගෙන තියෙනව.

ටොරන්ට බාගන්න

American Dreamz (2006) සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න!!!!!!!!!!!


අපේ රටෙත් සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න ගොඩක් අය ආසයිනේ . ඉතින් මේ කතාවේ තියෙන්නේ ඇමරිකාවේ සුපර් ස්ටාර් ලා ගැන. ඔය කතාවක් තියෙනවනේ සුපර් ස්ටාර් වෙන්නේ හොදම කෙනා නෙවෙයි මාධ්‍ය ආයතනයට ඔනි කෙනා කියල මෙකෙත් එහෙම තමයි. හොද කතාවක් වගේම එල කොමඩියක්.

ටොරන්ට බාගන්න

Friday, July 3, 2009

Crazy Machines!!! පරිගනක ක්‍රිඩා අතර කලාතුරකින් දකින්න ලැබෙන එල ක්‍රිඩාවක්.


පරිගනක ක්‍රිඩා අතර කලාතුරකින් දකින්න ලැබෙන එල ක්‍රිඩාවක්. මේක සමහර විට ගොඩක් අය දන්නව ඇත්තටම මම දැනගත්තේ ලගදී. මම ක්‍රිඩාව ලමයින්ටනම් ඉතා සුදුසුයි.මු‍ලි‍ක‍ යා‍න්‍ත්‍රි‍ක‍ , වි‍දු‍ලි‍ , ආ‍දි ඉ‍න්‍ජි‍නෙ‍රු‍ අ‍ං‍ශ‍ව‍ල‍ මු‍ලි‍ක‍ සි‍ද්‍ධා‍න්‍ත‍ ප‍ද‍නම්‍ වු‍ මෙ‍ය‍ ම‍න‍ස‍ට‍ ඉ‍තා‍ හො‍ද‍ අ‍භා‍ස‍ය‍කි‍. ටො‍රන්‍ට්‍ එ‍ක‍ දා‍ල‍ ති‍යෙ‍න්‍ නෙ‍ . ඔ‍නි‍ න‍ම්‍ ඩි‍රෙ‍ක්‍ upload ක‍ර‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍. මෙ‍කෙ‍ ගෙ‍ම්‍ දෙ‍කක්‍ ඇ‍ති‍.

ටො‍ර‍න්‍ට්‍ බා‍ග‍න්‍න‍

Michael Jackson Video Greatest Hits History මේ ඇල්බමය හරිම ලස්සනයි!!!!!



මේ දවස් වල කවුරුත් වගේ මයිකල් ජැක්සන් නම් වු අතිවිශිෂ්ට පොප් තරුව ගැන උනන්දුයිනේ. මම කලකට ඉහත දී බාගත් මේ ඇල්බමය හරිම ලස්සනයි

ටොරන්ටය බාගන්න

Thursday, July 2, 2009

Mirrors (2008) කන්නාඩිවලට පණ තියෙනව!!!!!!!!!!!!!!!


ඔන්න එක විශ්‍රම ගිය පොලිස් කාරයෙක් මුදල් අපසසුතා නිසා යනව ‍රැ වැඩටපරන ගිනිගත් ගොඩනැගිලක් මුරකරන්න. ටික වෙලාවකින් මොහුට තේරෙනව අමුත්තක් මේ ගොඩනැගිල්ලේ කන්නාඩිවලට පණ තියෙනව. මේ කන්නඩි මිනිසුන්ව මරනවමේක මිට කලින් හිටපු හැම කෙනාටම සිදුවෙලා තියෙනව. මොහු ගැලවෙන්න දරන උත්සාහය බලන්න වටිනව

ටොරන්ටය බාගන්න

Tuesday, June 30, 2009

Intacto (2001) වාසනාව ගැන අමුතු අර්තකතනයක් දෙනව!!!!!


මේක හරිම අමුතු කතාවක්. ගුවන් යනා අනතුරකින් දිවි ගලවා ගත් පුද්ගලයෙක් වටා ගෙතුනු මෙය වාසනාව ගැන අමුතු අර්තකතනයක් දෙනව. හදිසි අනතුරුවලින් ගැලවෙන අය ඉතා වාසනාවන්තයි. මේ අය සූදූ කාරයෝ වුනොත් සැහෙන්න සල්ලි හොයන්න පුලුවන්.වාසනාව ගැන ගොඩක් කතා තිබුනත් මේක ටිකක් අමුතුයි.

ටොරන්ටය බාගන්න

Anaconda 4: Trail of Blood (2009) ඇනකොන්ඩා !!!!!!!!!!


ගොඩක් අයට ඇනකොන්ඩා කතා මාලාව මතක ඇතිනේ එකක තියෙන්නේ අර මැරෙන්නැති වෙන්න ඕකිඩ් මල් වගයක් හොයන්න ගිහින් ඇන්කොන්ඩ හම්බ වෙන්නේ මේකත් ඒ මල් වලට සම්බන්දයක් තියෙනව. පිලිකාවකින් මැරෙන්න ඉන්න සල්ලි කාරයෙක් මේ ගැන පරික්ෂන කරන්න විද්‍යා පරික්ෂකයෙකුට කියනව. ඔහු අතුරුදහන් වෙනව. පසුව ඔහුව හොයන්න මැර කන්ඩායමකට බාර දෙනව. බලන්න පුලුවන් කතාව. නායාගේ වැඩ කැලීනම් ලස්සන මදි.


ඩිමොනොයිඩ් ටොරන්ට බාගන්න

මහ මගට පන්සිල්

මහ මගට පන්සිල් වෙබ් එකට ගිහින් සිංහල පොත් පිංච ගන්න හරිම වැදගත් වැඩක්

http://www.mahamagatapansil.org

Thursday, June 25, 2009

Crayon Physics භෞතික විද්‍යාත්මක නිති අනුව වැඩ කරන ගේමක් !!!!!!!!!!!!


මේ Crayon Physics ගේම ගැන ඔත්තුවක් ලැබුනේ Prabath ගෙන් මගේ Crazy Machines ලිපියෙන් මම හොයා ගත්ත මේකත් මරු ගේමක් මුලික භෞතික විද්‍යාත්මක නිති රිති අනුව වැඩ කරන මෙය ඔනි වයසක කෙනෙකුට සුදුසුයි. ඇත්තටම චිත්‍රපටි ගොඩක් බලල දැන් කතා ඔක්කොම පැටලිලා ඔලුව ඇතුලේ. එක නිසා වාර්තා වැඩ සටහන් සහ හොද ගේම් ටිකක් සෙල්ලම් කරනව.

ටොරන්ටය බාගන්න

Egypts Ten.Greatest Discoveries ඉහල තාෂණයක් තිබිල තියනව!!!


මේක ඩිස්කවරි චැනල් එකෙන් කල වාර්තාමය වැඩසටහනක්. අපි නොදන්න ගොඩක් දේවල් මෙහි පෙන්වනව. ඇත්තටම ඉහල තාෂණයක් තිබිල තියනව. මේ වගේ වැඩකදි මිනිස්සු පාලනය කොච්චර අමාරුද මේ අලුත් සොයා ගැනීම් හැටියට වහල්ලු නෙවෙයි මේව හදල තියෙන්නේ. මේව ගැන් උනන්දු අය බලන්න ඉතා පැහැදිලි කොපියක් මේක

ටොරන්ට බාගන්න

Wednesday, June 24, 2009

සමහර අයට ප්‍රශ්නයක් නේ මේ ටොරන්ට බැම. මම කියන්නේ Non - IT කස්ටියට.

## පලමුව කරන්න තියෙන්නේ පහල තියෙන සයිට් එකකට ගිහින් නිකම් දෙන ෆ්යිල් එක බාගෙන තාමාගේ පරිගනකයේ ස්තාපනය කරගැනීම. (ඇඩ්ඩින් ගොයිය වැඩකරුවෙක් නම් බෑ. වෙන බෙහෙත් පහල තියනවා)


www.bittorrent.com

http://www.utorrent.com/

http://www.bitcomet.com/

http://azureus.sourceforge.net/


හරි දැන් තියෙන්නේ mininova , Torrentz, demonoid හරි අපේ කස්ටිය ඔය ෆිල්ම් බාගන්න කියල දාන ලින්ක් වල ගිහින් ඒ ටොරන්ට බාගෙන කර open කරන්න ඔනි.
කොහොමහරි මම පාවිච්චි කරන්නේ Bittorrent ඒකේ නම් මුලදි හරි හෙමින් ආවේ මම encryption enable කලාට පස්සේ ගිනිකසේට බානව මේක බලන දන්න encryption enable අය දන්නැති අයට කියා දෙන්න.
බාගත ඉවර උනාම සිඩ් ටිකක් කලොත් තාමා හොද.

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් නේ ටොරන්ට බාගන්න බැරි කම. මේකට විසදුම් කිහිපයක් තියනව
1. ***.torrent ටොර්‍රෙන්ට් තියන ගොනු ඇඩ්ඩින් උන්නැහේ බොලොක් කිරීම.
යන්න මේ http://txtor.dwerg.net site එකට දෙන්න ටොරන්න්ට ලින්ක් එක එයාලා බාල දෙන xx**.txt file එක xx*.torrent කරගෙන torrent බාගන්න. මම කිව්වනේ ඇඩ්ඩින් වැඩකරුනම් ටොරන්ට බාගත විම් නිරිශනය කරනව එතකොට මෙකෙන් බැ.ඔය ලොකු වැඩ කාරයන්ට Port වල සෙල්ලම් දාල යන්න පුලුවන්.


2. http://www.bitlet.org/ මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. ගිනි නරියාගේ දී ජාව හුටපටයක් ආව. Explorer මම වලින් ගියා වැඩේ ගොඩ.

3.
http://www2.torrelay.com

http://instant-torrents.com

මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මෙකේ තියෙනව ඉස්සල්ල කට්ටිය බාපුවා. ඔනිනම් ඒවා ගන්න පුලුවන්.


4.http://tor.imageshack.us/tor/
මේකත් සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මට නම් අල්ලන්නේ නැ මෙකේ රස්තියදුව අඩොන් දාල ගිනි නරියට සෙල්ලමක් තියනව. මට හරිහියේ නැ.

Tuesday, June 23, 2009

I'll Always Know What You Did Last Summer[2006] බයකරන්න හිතාගෙන!!!!!!!!!!!!



තරුණ වයසේ සිටින කන්ඩායමක් සංදර්ශනයක්දී කට්ටිය බයකරන්න හිතාගෙන වෙස්වලාගෙන රගපානව එත් ඇත්තටම මිනිමැරැමක් සිදුවෙනව. මේ අය මේ සිද්දිය සගවාගෙන සිටින නමුත් ඉලග අවුරුද්දේ ත් මේ සිද්දිය සිද්ද වෙනව. මේක අද්භුත බලපැමක් බව තෙරුන මොවුන් පසු පස හබා එන මේ ශාපයෙන් බෙරෙන හැටි බලන්න

ටොරන්ට බාගන්න

Baby on Board (2009) සැක කරල!!!!!


මේක මේ අවුරුද්දේ ආපු කොමඩියක්. කොමඩියක් කිව්වට කාතාවකුත් තියෙනව. විවාහක පවුල් දෙකක් විස්තරයක් තමා තේමාවට අරන් තියෙන්නේ. වෙන ගැහැනුත් එක්ක අනියම් සම්බන්ධ ඇති කියල සැක කරල වෙන සිද්දි තමා තියෙන්නේ බලන්න පුලුවන සාමාන්‍ය සරල කතාවක්.

** IMDB නැති Fun stuff මේ කතාවේ අහු වුනා. කතාව පටන් ගන්න කොට දර්ශනයක තියෙන්ව බිම එකක් බොන දර්ශනයක් ජිම් එකක් තුල. මිනිහගේ අතේ තියෙන කෝප්පයේ බිම බාගයට වැඩියෙන් ඉවර උනාට ඉලග තප්පරයේ ඒක පිරිච්ච් එකක්. මම දැන්වුවා IMDB එකට සමහර විට එක සදහන් කරයි

ටොරන්ට බාගන්න.

Friday, June 19, 2009

The Aviator (2004) පියාබන්න ආසයි!!!!!!!!!!! මේක ඔස්කාර් සම්මාන 5 ක් සහ සම්මාන 45 ක් දිනු අතිවිශිෂ්ට සිනාමා කෘතියක්


මේක ඔස්කාර් සම්මාන 5 ක් සහ සම්මාන 45 ක් දිනු අතිවිශිෂ්ට සිනාමා කෘතියක්. ඇත්තෙන්ම ගුවන් යාන පිලිබද පරික්ශන කල අයෙක් ගැන සහ ඔහුගේ පුද්ගලික ජීවිතයේ තිබුනු අස්වාභවික හැසිරීමම පිලිබද අලලා කල එකක්. ඉතා හොද කතාවක්

බාගන්න

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com