Friday, April 5, 2013

සිංහලයාගේ හීන මානය








 

 

 

 
 
 





 
-- 



 
 
 
 
 
 

 
 





THIS IS REALLY A MAN'S HOME







 

THIS IS REALLY A MAN'S HOME
 
 
 
 
 

Phone Chargers




 





 




ඔබ මෙතෙක් නොදුටු අන්දමේ අපූරු Phone Chargers 30ක්


ස්මාට් ෆෝන් භාවිතා කරන ගොඩක් දෙනෙක්ට තියන ගැටලුව තමයි බැටරි ඉක්මනින් ක්ෂය වීම. ඒ අපහසුතාවෙන් මිදීමට භාවිතා කළ හැකි ඇප්ස් ගණනාවක්ම අන්තර්ජාලයේ තිබෙනවා. නමුත් ස්මාට් ෆෝන් එක නැවත ආරෝපණය කර ගැනීමට තිබෙන්නේ ඔබේ චාජරය පමණයි නේද ? නෑ...ඒ සඳහාත් අපූරු ලෙස නිර්මාණය වුණු චාර්ජර් වර්ග ගණනාවක්ම වෙළඳපොලේ තිබෙනවා. දැන් ඔබට ස්මාට් ෆෝන් එක චාජ් කර ගැනීමට විදුලි බලය අනවශ්‍යයි.
 




Hand Turbine Smartphone Charger

ඔබේ ස්මාට් ෆෝන් එක අතින් කරකවන ටර්බයින් එකක් මගින් ආරෝපඅය කරගන්න අවශ්‍ය නම් මේ ඒ සඳහා භාවිත කල හැකි උපකරණයක්. මෙහි රේඩියෝවක්ද අන්තර්ගතයි.




CampStove

තාපය විදුලිය බවට හැරවීම මෙයින් සිදු වෙනවා. ගිනි දල්වා මොබයිල් ෆෝන් එක චාජ් කරගන්න.




Epiphany onE Puck

උණු කෝපි කෝප්පයක රස බලන ගමන් ජංගම දුරකථනය ආරෝපණය කරගන්න.




Electree

ඔබගේ නිවස හෝ කාර්යාලයේ අලංකරණයට තැබිය හැකි මේ කුඩා ගස ආලෝකය විදුලියට හරවා දුරකථනය චාජ් කර දෙන්නට සමත්.





PowerTrekk

මෙයින් ජංගම දුරකථනයේ බැටරි චාජ් කර ගැනීමට අවශ්‍ය ජලය පමණයි.





PowerPot


මේ උපකරණයත් තාපය මගින් විදුලිය ජනනය කරන චාර්ජරයක්.





Solar Sunflower


මේ හුරුබුහුටි සූර්ය පැනලය ජනේලයක් අසල තබා පහසුවෙන්ම ස්මාට් ෆෝන් ආරෝපණය කරගන්න පුළුවන්.





BikeCharge


ඔබගේ බයිසිකලයට සම්බන්ධ කළ හැකි මේ චාජරය මගින් බයිසිකල් පදින අතරතුර දුරකථනය ආරෝපණය කරගැනීමට පුළුවන්.






Mini Kin Wind Powered Charger


සුළං බලයෙන් ක්‍රියාත්මක වන චාජරයක්.






HYmini


සුළං බලයෙන්, සූර්‍ය බලයෙන් හා විදුලි බලය ගබඩා කර තබාගෙන ආදී සියලු ක්‍රම වලින් ජංගම දුරකථනය නැවත ආරෝපණය කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.





Solarmonkey Adventurer


කඳු නගින්නන් ආදී ක්‍රියාදාම වල යෙදෙන අයට ගැලපෙන සූර්‍ය බලයෙන් ක්‍රියාත්මක වන චාජරයක්.





Ray Solar Charger


ඕණම එළිය ඇති ජනේලයක් හා සම්බන්ධ කර ජංගම දුරකථනය මේ හරහා ආරෝපණය කළ හැකියි.






WakaWaka Power


සාක්කුවේ ගෙන යා හැකි මේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන චාජරයෙහි පැය 40ක reading light එකක්ද තිබෙනවා.






Soccket


මේ පා පන්දුවෙන් ඔබ ක්‍රීඩා කරන විට එහි සිදුවන චලනය විදුලිය ලෙස ගබඩා වෙන්වා. පසුව ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යොදාගත හැකියි.






Window Solar Charger


Ray Solar Charger මෙන්ම භාවිතා කල හැකි ඝණකමෙ අඩු චාජරයක්.





Energizer Dual Inductive Charger


Qi-enabled devices වලට භාවිතා කළ හැකි රැහැන් රහිත චාජරයක්.






Energi+ Backpack


ඔබගේ ඕණෑම ආකාරයක ජංගම උපකරණයක් ආරෝපණය කර දෙන්නට මේ බෑගයේ ඇති තාක්ෂණය සමත්.





Everpurse


ජංගම දුරකථනය පර්ස් එකේ දාගෙන ගිහින් පුරුදු අයට වටිනා චාජරයක්.





PowerKiss


වයර් තියන චාර්ජර් භාවිතා කරල ඇති වෙලා නම් මේ වගේ එකක් භාවිත කරන්න.






Phorce


එකවිට උපකරණ තුනක් චාජ් කිරීමේ පහසුකම මේ බෑගයට තිබෙනවා.






POP


මේ චාජරය මගිනුත් උපකරණ කිහිපයක් එක විට ආරෝපණය කළ හැකියි.






TYLT VU Wireless Charger


ජංගම දුරකථනය චාජ් වන විට එහි තිරය පහසුවෙන් නැරඹිය හැකි පරිදි නිමවා තිබෙන මෙය රැහැන් රහිත චාර්ජරයක්.






Nokia Wireless Charging Pillow by Fatboy


ඔබේ නොකියා ලුමිනා දුරකථනයට අදිමට ගැලපෙන චාජරයක්.





BrightBox


අවන්හල් හිමියන්ට තමන්ගේ පාරිභෝගිකයන්ගේ ජංගම දුරකථන ආරෝපණය කරගැනීම සදහා ලබා දිය හැකි කදිම සේවාවක්.




Thermoelectric Converter


ෆූජි ආයතනය විසින් නිශ්පාදිත මේ චාජරය මගින් ඔබගේ ශරීර උණුසුම විදුලිය බවට හරවනවා.




Orange Power Wellies


ඔබගේ යටි පතුලේ උණුසුම විදුලිය බවට හරවා ස්මාට් ෆෝන් එක චාජ් කර ගැනීමට මෙය භාවිතා කරන්න.




InStep NanoPower


ඇවිදීමේදී හෝ දිවීමේදී උපදින ශක්තිය දුරකථනය ආරෝපණය කිරීමට යොදාගත හැකි සපත්තුවක්.




Orange Power Pump


පාදය මගින් ක්‍රියාත්මක කරවිය හැකි මෙය තවත් කදිම චාජරයක්.




Cube Magic


ක්‍රීඩාවක් කරමින් දුරකථනය ආරෝපණය කරගන්න.




Gotwind Dance Charger


ඔබ නටන අතරතුර හෝ ව්‍යායාමයේ යෙදෙන අතරතුර ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීමට මේ හරහා පුළුවන්.









ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com