Monday, October 27, 2014

The Uncommon


ආජන්ටිනාව සහ බ්‍රසීලය අතර දේශ සීමාවේ පිහිටා ඇති Iguazu දිය ඇල්ල.
 
 
 
 
 
ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රදේශයේ තැනිතලා බිම් වලට දිස් වූ අපුරු Supercell වර්ගයේ දැවැන්ත වලාකුලක්.
 
 
 
 
 
 
ඕස්ට්‍රේලියාවේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක දර්ශනීය සැන්දෑයාමය කැමරා ඇසින් දුටු අයුරු.
 
 
 
 
 
 
මේ "Canada Lynx" නම් පූසා. සාමාන්‍ය පුසෙක්ට වඩා දෙගුණයකටත් වඩා විශාල මොහු දැකිය හැකි වන්නේ කැනඩාවේ සහ උතුරු ඇමෙරිකාවේ පමණයි. අසාමාන්‍ය හැඩය නිසාම "උතුරේ හොල්මන් පූසා" යන නාමයෙන්ද හදුන්වනවා.
 
 
 
 
 
මාර්තු 17 වන දින දකුණු බ්‍රසීලයේ හට ගත් මෙම ලැව් ගින්න නිසා අක්කර 1400 ක පමණ භූමි ප්‍රමාණයක් සම්පුර්නයෙන්ම දැවී අළු වී ගියේය.

මෙවැනි ලැව් ගිනි නැරඹීමට යාමත් ඉතාමත් අවදානම් දෙයක්. ලැව් ගිනි සහිත ප්‍රදේශය අවට උෂ්ණත්වයත් සෙල්සියස් 100 ඉක්මවා තිබීමට හැකි වීම මෙයට ප්‍රධාන හේතුවක්. ලැව් ගිනි පැතිරෙන්නේද අවට ප්‍රදේශය ක්‍රමයෙන් ජ්වලන උෂ්ණත්වයට පත්වීම නිසා ඇසපිය හෙලන වේගයකින් එකවරමයි.
 
 
 
 
 
 
වියට්නාමයේ Hang Son Doong ගුහාව. මෙහි මැද සිටින විදුලි පන්දම අල්වා ගෙන සිටින මිනිසාගෙන් මෙහි විශාලත්වය වටහා ගත හැකිය.
 
 
 
 
 
 
 
අපට මෙය අපූරු අත්දැකීමක් වුවත් මෙම ගගන ගාමීන්ට මෙය තවත් එක් වැඩකරන දිනයක් පමණි.
 
 
 
 
 
ඔස්ට්‍රේලියාවේ Whitsunday දූපතෙහි පිහිටා ඇති White haven වෙරළ තීරය.
 
 
 
 
 
විවිධ ඛනිජ වර්ග නිසා සුන්දර වර්ණ මවන චීනයේ Gansu ප්‍රදේශයේ Zhangye Danxia කඳු ප්‍රදේශ.
 
 
 
 
 
 
අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයත් සැම්බියා රාජ්‍යයත් වෙන් කරන Victoria දිය ඇල්ල උඩු ගුවනට දිස්වන අයුරු.
 
 
 
 
 
 
Common Baron වර්ගයේ දළඹුවෙක් . මෙයාගේ වර්ණය සහ මැදින් ඇති සුදු රේඛාව නිසා මෙයාව අඳුරගන්නත් එතරම් පහසු නැහැ.
 
 
 
 
 
 
බැලු බැල්මට පෙනෙන්නේ කඳු වැටිය ඉදිරියෙන් ගඟක් හෝ විලක් පිහිටා ඇති බවයි. නමුත් හොඳට බැලුවොත් තේරේවි එය ඇත්තටම ඉදිරියෙන්ම ඇති තාප්පයක් නිසා ඇතිවී තිබෙන දුෂ්ටි මායාවක් බව.

තාප්පයේ පින්තාරු කර ඇති වර්ණය පෙනෙන්නේ ගඟේ වතුර වගෙයි. තාප්පයේ ඉහල කෙලවර සුදු පැහැ ගන්වා තිබෙනවා ගං ඉවුර ලෙස දිස් වන්න.
 
 
 
 
 
 
 
පෘතුවියේ චන්ද්‍රිකා ඡායාරූප කොතරම් තිබුනත් මෙලෙස ඇන්ටර්ටිකා මහාද්වීපය දිස්වන ඡායාරූප ඉතා දුර්ලභයි
 
 
 
 
 
 
 
මේ snapdragon ගසක මල පරවෙලා හැලී ගිය පසු ඉතිරිවන ශාක බීජ සහිත කොටස්. ඒවා දිස් වෙන්නේ හරියටම මිනිස් හිස්කබල් වගේ. (මේ ගසට Dragon Tree කියලත් කියනවා)
 
 
 
 
 
 
 
ඇමෙරිකාවේ මොන්ටානා තැනිතලාවේ හට ගත Supercell වර්ගයේ කුණාටුවක්. කුණාටුව නිසා ඇතිවන වර්ෂාපතනයේ ප්‍රමාණය ඔබට පෙනෙනවා නේද?
 
 
 
 
 
 
පැසෆික් සාගරයේ Matua දුපතේ 2009 දී පුපුරා ගිය Sarychev Peak ගිනි කන්ද ජ්‍යාත්යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඡායාරූප ගත කර තිබූ අයුරු.
 
 
 
 
 
 
 
මරණය අබියස නිර්භයව බලා සිටින කටුස්සා.
 
 
 
 
 
අබුඩාබි නගරයේ තනා ඇති Ferrari World නම් ලොව විශාලතම ගෘහස්ත විනෝද උයන.
 
 
 
 
 
 
50000 වාරයක් විශාලනය කරන ලද හිම කැටිත්තක්.
 
 
 
 
 
 
දකුණු කොරියාවේ Seoul නගරයේ Banpo පාලම
 
 
 
 
 
 
 
මේ අයිස්ලන්තයේ Dettifoss දිය ඇල්ලයි. මෙය යුරෝපයේ විශාලතම ජල ධාරිතාවක් මුදා හැරෙන දිය ඇල්ලද වෙනවා.
 
 
 
 
 
 
අයිස්ලන්තයේ සුන්දර Seljalandsfoss දිය ඇල්ල.
 
 
 
 
 
 
 
ජැමෙයිකාවේ මිනිසෙක් හෙල්ලයක් ආධාරයෙන් (Spear Fishing) මත්සයෙක් ඇල්ලීමට සුළු මොහොතකට පෙර කාමර කාචයට හසු කරගත් අයුරු.
 
 
 
 
 
 
 
ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ පිහිටා ඇති Sears Tower ගොඩනැගිල්ලේ 103 වන මහලේ තිබෙන වීදුරු වලින් තැනූ විනිවිද පෙනෙන බැල්කනිය. (මෙය වර්තමානයේදී හැඳින්වෙන්නේ Willis Tower ලෙසයි)
 
 
 
 
 
 
 
ප්‍රංශයට දිස්වන ඇල්ප්ස් (Alps) කඳු වැටිය.

1200km
දිගින් යුතු මෙම කඳු වැටිය යුරෝපය සිසාරා රටවල් 8 ක් පුරා විහිදී ඇත. මීට වසර මිලියන සිය ගණනකට ඉහතදී African සහ Eurasian යන මහද්වීප තටක එකතුවීමේදී හට ගත් තෙරපුම නිසා මෙය බිහි වී ඇත.
 
 
 
 
 
 
 
මේ ඔබ දකින්නේ "Fire Opal" වර්ගයේ මැණිකක්. (අග්නිමාණික්‍යය)

මෙය හරියට මැණිකක් ඇතුලේ ඉර බැස යන සුන්දර සැන්දෑවක් සිර වෙලා තියනවා වගෙයි.
 
 
 
 
 
 
 
 
මනුෂ්‍ය ළදරුවෙක් ඉපදෙන විට එයට උපකාර කිරීමට කී දෙනෙක් නම් මව අසල සිටිනවාද? පළමු හුස්ම ගැනීමට වුවත් අපට බාහිර උපකාර අවශ්‍යයි.

නමුත් සත්ව ලෝකේ මේ වගේ වෙලාවට බොහෝ විට තමා ලගින් සිටින්නේ තමන්ගේ අම්මා පමණයි. බොහෝ සතුන්ට තම ජීවිතය ආරම්භ කරන්නේ වෙන්නේ මෙන්න මේ වගේ තනියමම තමයි.
 
 
 
 
 
 
මේ ඕස්ට්‍රේලියාවේ West Coast ප්‍රදේශයට පැමිණෙන දූවිලි කුණාටුවක්. (Dust Storm)
 
 
 
 
 
 
 
පෘතුගාලයේ පිහිටා ඇති මෙම නදිය හදුන්වන්නේ Blue Dragon River (නිල් මකරා) ලෙසයි.
 
 
 
 
 
 
ඇන්ටාටිකා මහාද්වීපයේ සුන්දරත්වය කෙතරම්දැයි මෙම ඡායාරූපයෙන් පැහැදිලිවෙනවා. ගවේෂකයන් පවසන්නේ මෙය වෙනත් ග්‍රහලොවක් ලෙස ඔවුන්ට හැඟෙන බවයි.

මෙම යෝධ අයිස් කඳු යටින් විශාල භූමියක් සහිත මහාද්වීපයක්ද තිබෙන බව මෑතකදී සොයාගෙන තිබෙනවා.
 
 
 
 
 
මේ තියෙන්නේ වසර 350 ක් පමණ පැරණි වටිනා ඕර්ක් ගසක්.

Oak
ගස කියෙන්නේ ඉතා දිගු කාලයක් නොනැසී පැවතිය හැකි ඉතාමත් වටිනා ශාකයක්. මෙම ගස වටා පුරාවෘත සහ මිත්‍යා විශ්වාසද රාශියක්ද ගෙතී තිබෙනවා.
 
 
 
 
 
 
 
පුළුන් ගුලියක් වගේ පෙනුනට මේ ඉන්නේ හාවෙක්.

මේ තමයි Angora Rabbit හෙවත් ඇන්ගෝරා හාවා. Angora Wool ලබා ගැනීම සඳහා මොවුන් වානිජමය වශයෙන්ද බෝ කෙරෙනවා
 
 
 
 
 
 
මේ ඉන්නේ වලහෙක් නෙවෙයි බල්ලෙක් කිව්වොත් ඔබ විස්වාස කරනවද?

මෙයාගේ වර්ගය Tibetan Mastiff. ලොව සිටින දරුණුම බල්ලන් දස දෙනා අතර මොවුන් මුල් තැන සිටිනවා. මොහුට වෘකයෙකුගේ ශක්තිය ඇති බවට පැවසෙනවා.දුර්ලභ මෙම බලු පැටව ඇතැම් විට අලෙවි වන්නේ ඩොලර් මිලියනක පමණ මිලකටලු.
 
 
 
 
 
 
 
ඉතියෝපියාවෙන් සොයා ගත් මෙම Welo Opal නැමැති මැණික් වර්ගය ඉතාමත් අපූරු ආකාරයේ එකක්.

මෙය සැබවින්ම ගලක් තුල සිරවූ සුන්දර මුහුදු පතුලක් ලෙසයි ඕනෑම අයෙකුට සිතෙන්නේ.
 
 
 
 
 
 
 
ධ්‍රැව කලාපයේ පමණක් දැකිය හැකි දර්ශනීය අව්රෝරා (Aurora) වලින් වට වූ පරිසරයක රාත්‍රීය ගත කරන ගවේෂකයෙක්.
 
 
 
 
 
 
 
Fiji දූපත් වල පිහිටා ඇති මුහුද යට තැනූ ආපන ශාලාව. (Underwater Restaurant)

මෙහි ඔබට නැවතිය හැකි මේ ආකාරයේම හෝටල් කාමරද ලබා ගත හැකිය.
 
 







ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com