Tuesday, October 8, 2013

Sweet Stories about Dalada Perahara Elephants








දළදා පෙරහරේ ගමන් කරන අලි ඇතුන් පිළිබඳ රසබර තොරතුරු

නුවර පෙරහර ඉවර වුණාම සමහර අලි ඇතුන් සමුගන්නේ කඳුළු සලමින්.

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් මහනුවර නගරයේ වීදි සංචාරය කර හමාර කළේ දැනට දින කිහිපයකට පෙරයි. දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම දළදා පෙරහර ඉතා ආශාවෙන් නැරඹුවෝය. මෙම දළදා පෙරහරේ ගමන් කරන අලි ඇතුන් දෙස බොහෝ දෙනා ඉතා ආශාවෙන් බලා සිටියත් පෙරහරට අලි ඇතුන් සූදානම් කිරීම හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නම් නොවේ.

මෙරට අලි ඇතුන් ගැන ඉතා හොඳින් දන්නා අය අතරින් ශ්‍රී දළදා මාලිගාවේ සේවය කරන ප්‍රදීප් මියනපලාව මහතාට හිමිවන්නේ විශේෂ තැනකි. ප්‍රදීප් මියනපලාව මහතා පාරම්පරික අලි වෙද මහතෙකි. ඈත අතීතයේ සිංහල රජ සමයේ සිට අලි වෙදකම් ගැන ප්‍රසිද්ධියක් උසුලන පරම්පරාවකින් පැවැත එන අප රටේ ළාබාලම හස්ති වෛද්‍යවරයා ප්‍රදීප් මහතායි. ඔහුට අප රටේ සිටින හීලෑ අලි ඇතුන් දුටු සැනින් හඳුනා ගත හැකි අතර අලි ඇතුන් ගැන මෙන්ම අලි ඇතුන්ගේ ක්‍රියාකාරකම් ගැනද ඔහු ඉතා හොඳින් අධ්‍යයනය කළ අයෙකි.
ප්‍රදීප් මියනපලාව මහතා සඳහන් කරන්නේ ඈත අතීතයේ මහනුවර දළදා පෙරහරේ අලි ඇතුන් 150ක් 175ක් පමණ ගමන් කර ඇති බවයි. වර්තමානයේ පෙරහරේ ගමන් කරන්නේ අලි ඇතුන් 70ත් 80ත් අතර ප්‍රමාණයකි. මේ තත්ත්වය මත තව වසර කීපයකින් පෙරහර කරඬුව වැඩමවීමට ඇතුන් සොයා ගැනීමේ ගැටලුවට බරපතළ ලෙස මුහුණ දීමට සිදුවන බව ප්‍රදීප් මහතා පවසයි.

"අද ලංකාවේ හීලෑ අලි ඇතුන් 130ක් පමණ සිටිනවා. නමුත් මද කිපුණු හා අසනීප වූ අලි ඇතුන් හැර අනෙක් අලි ඇතුන් 80ක් 85ක් පමණ ප්‍රමාණයක් පමණයි මෙවර පෙරහරට සහභාගි කරවන්න පුළුවන් වෙන්නේ. ඒත් මාලිිගාවේ පෙරහර කරඬුව පමණක් දින දහයක් වඩමවන්න දළ ඇතුන් නම දෙනෙක්වත් ඉන්න ඕනේ. පෙරහර කරඬුව වඩමවන්න හැම ඇතාටම බැහැ. ඒ සඳහා එම ඇතාට විශේෂ පෙනුමක් තියෙන්න ඕනෙ. ඒ වගේම විශ්වාසයක් තියෙන්නත් ඕනෙ. ඒ වගේ තවත් කරුණු රැසක් ගැන අපට අවධානය යොමුකරන්න වෙනවා. ඒ නිසා දියවඩන නිළමේ නිලංග දෑල මහතා පෙරහර කරඬුව වඩමවන්න තෝරාගෙන තියෙන්නේ ඇතුන් හතරදෙනයි. ඒ හර්ෂ ධර්මවිජය මහතාට අයත් නැඳුන්ගමුවේ රාජා, රුහුණු කතරගම දේවාලයේ වාසනා ඇතා, හෙම්මාතගම සිද්ධාර්ථ  හිමියන්ට අයත් වේවැල්දෙණියේ ඇතා සහ මාලිිගාවේ ඉංදිරාජා ඇතා යන ඇතුන්" යැයි ප්‍රදීප් මහතා පවසයි.  

"
මේ දිනවල වාසනා ඇතා රුහුණු කතරගම පෙරහරට සහභාගි වෙන්නට ගිහිල්ලා. වේවැල්දෙණියේ ඇතා අසනීප වෙලා. ඒ නිසා මෙවර කරඬුව වඩමවන්න ඉන්නේ ඇතුන් දෙන්නයි. මේ ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතෙකුට අසනීප වුණොත් පෙරහර කරඬුව වඩමවන්න වන්නේ දිගටම එක ඇතෙකුට පමණයි. එය ලොකු අභියෝගයක්ඔහු කියයි.
පෙරහර ආරම්භ වෙන්න මාස තුනකට පමණ ඉහතදී ලංකාවේ හීලෑ අලි ඇතුන් ගැන ලැයිස්තුවක්  සකස් කරන අතර ඉන් පසුව ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වය හා මද කිපෙන ආකාරය ගැන සොයා බැ‍ලේ. අසනීප හා මද කිපුණු ඇතුන් ඉවත් කර ඉතිරි අලි ඇතුන් පිළිබඳව විස්තරයක් දියවඩන නිලමේවරයාට ඉදිරිපත් කෙරේ. මාලිගාවේ දියවඩන නිලමේතුමා විසින් මෙවර පෙරහරේ ගමන් කරන අලි ඇතුන් කවුරුන්ද යන්න තෝරා ගැනේ. ඉන් පසුව මාලිගාවේ නැකැත් පත්‍රයද, බුලත් අතක් හා නිලමේතුමාගේ ත්‍යාගක්ද රැගෙන නිලමේතුමාගේ නියෝජිතයෙක් සමග යන ප්‍රදීප් මහතා ඒ දේවාල පන්සල් හා නිවෙස්වලට ගොස් අලි ඇතුන්ගේ හාම්පුතුන්ට චාරිත්‍රානුකූලව ආරාධනා කර මෙවර පෙරහරට අලි ඇතුන් සහභාගි කරවන්න කියා ඉල්ලීමක් කෙරේ. ඒ අනුව ඒ අලි ඇතුන් පෙරහරට සහභාගි කරවන්න ඒ අලි අයිතිකරුවන් කටයුතු කරයි. ඒ හීලෑ අලි ඇතුන් පෙරහරට සහභාගි වෙන්න පෙර ඒ අය එළියට ගන්නේ ආසන්න නැකතකිනි.

පෙරහරට අලි ඇතුන් ගෙනයන්න පෙර අලි හාම්පුතුන් විසින් අලි ඇතුන්ගේ කරේ පුංචි මිණි ජෝඩුවක් බැඳීම සිදු කෙරේ.එවිට ඒ අලි ඇතුන්ට  තමන් දැන් පෙරහරට යන්න සූදානම් වෙන්නෙ කියා හැඟේ. එවිට ඒ අලින්ගේ හැසිරීම් රටාව ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කර ගනී. ඒ අය ඉක්මනින් ඒ ගමන යන්න උත්සාහ කරයි. ඒ අය දන්නවා පෙරහරට ගිය විට තමන්ගෙ වර්ගයා මුණ ගැසෙනවා කියා ඒ අය පුදුම සතුටකින් ඉන්නෙ පෙරහරට යන්න. සමහර අලි ඇතුන් වසරකට වරක් හමුවන මිතුරු මිතුරියන් හමුවෙන්න හරිම ආශාවක් දක්වනවා.
ශ්‍රී දළදා පෙරහරට සහභාගි වෙන්න පයින් එන එකම ඇතා කරඬුව වඩමවන නැදුන්ගමුවේ රාජා පමණයි. එයාගේ දළ දෙකට හානි වෙයි කියලා එයා ලොරිවල නග්ගලා එවන්න අයිතිකරු කැමති නැහැ. ඒ නිසා එයා දින හතක් තිස්සේ පෙරහරට එන්නේ පයින්මයි. ඒ දින හතේම එයා නිදා ගන්නෙ නැහැ. එයා නිදා ගන්නේ එයාගෙ ගෙදර ඇත් ගාලෙ සහ මාලිිගාවෙ ඇත් ගාලෙ පමණයි. බොහෝ අලින්ට නිදි‍පොල මාරු වුණාම ඒ අයට නින්ද යන්නේ නැහැ. නමුත් කාලයක් පෙරහරට ඇවිත් පුරුදු වුණු අය එකම තැන බඳින නිසා ඒ අය හොඳට නිදා ගන්නවා. මෙවර පෙරහරට දුර බැහැර සිට ආවෙ අලුත්ගම කිරින්දෙ ඇතා පමණයි. එයා ලොරියක නංවාගෙන දින දෙකක කාලයක් ගත කර මහනුවරට රැගෙන ආ අතර එක රාත්‍රියක් අතර මග නවාතැන් ගත්තා.
 

රට වටෙන් පෙරහරට එන අලි ඇතුන් මාලිගාව හා දේවාල අවට හැම වසරෙදිම බඳින්නෙ එකම ස්ථානයකයි. ඒ අලි ඇතුන් වසරකට පසුව එතනට ආවත් එයා දන්නවා මේ එයා හැමදාම පෙරහරට ආවාම ඉන්න තැනයි කියා. පෙරහරට එන අලි ඇතුන් ඒ අය අතර මිතුරන් හා හතුරන් ඇති කර ගැනේ. ඒ අය ගාල් කරන විට මිතුරන් ළංකර තරහ අය ඈත්කර තමයි ගාල් කරන්නේ. නැතිනම් ඒ අය රංඩු සරුවල්වලට යන්න උත්සාහ ගනී. පෙරහරට එන කිවුල්පනේ ඇතින්න හා කෑගල්‍ලේ නිස්සංක මහතාට අයත් මැණිකේ ඇතින්න පෙරහරට ඇවිත් පුදුම මිතුදමක් ගොඩනගා ගත් දෙන්නෙක්. ඒ දෙන්නා මුණ ගැසෙන්නේ වසරකට එක වතාවයි. ඒ මෙම පෙරහරේදී පමණයි. ඒ දෙන්න ගාල් කර බඳින්නේ එකම තැනකයි. ඒ දෙන්නා කෑම පවා කන්නේ හුවමාරු කරගෙනයි. ඒ වගේම ඒ දෙන්නාම තම යාළුවගේ ඇත් ගොව්වන් පවා හොඳින් හඳුනයි. ඒ දෙන්නම තමන්ගේ යාළුවගේ ඇත්ගොව්වගේ අණට පවා හරිම කීකරුයි.

සාමාන්‍යයෙන් බොහෝ තරහා ඇතිකරගන්නේ පිරිමි අලින්. තවත් පිරිමි අලියෙක් සමග තාරුණ්‍යයට හා නායකත්වයට යම් ප්‍රශ්න ඇති වුණොත් ඒ අලි තරහා වෙනවා. එවිට ඒ අලි ඒ තරහා වසර ගණනාවක් තියා ගනී. ඒ අලි හොඳට හඳුනන නිසා හැම විටම ඒ අය එකට මුණගස්වන්නේ නැහැ. අලින් නුරුස්සන ඇතින්නක් මෙවර පෙරහරට පැමිණ සිටියාය. එම ඇතින්න ගොස් අලින්ට පන්න පන්නා පහර දුනි. එම නිසා එම  ඇතින්න අනික් අලින් අසළින් බදින්නේ නැත. තවත් කෙනෙක් තමයි මාලිගාවේ ජනරාජා ඇතා. එයා ළඟ තියෙන්නේ අමුතුම තාලෙ වැඩ. එයාව  පෙරහරේ ගෙනියන්නේ හරිම බයෙන්. ඒ කියන්නේ කුලප්පු වෙලා කරදර කිරීමක් නොවෙයි. එයා කොයි වෙලාවෙත් වැඩ අවුල් කරයිද කියලා කාටත් සැකයි. මේ කරුණු අනුව   පෙරහරට අලි ගමන් කරවන්නෙත් ඒ අයගේ යාළු මිත්‍රකම් හා ගතිගුණ සැලකිල්ලට අරගෙනයි.

අලි ඇතුන් පෙරහරේ යන්න හරිම කැමතියි. ඒ අය ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්නේ මහත් ආඩම්බරෙන්. සාමාන්‍යයෙන් අලි ඇතුන් ඇඳුම්වල පාටට එතරම් ඇල්මක් දක්වන්නේ නැහැ. ඒත් ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්න අලි ඇතුන්  හරිම කැමතියි. අලි ඇතුන් ඕන වෙලාවක් බැඳගෙන ඉන්න පුළුවන් වුවත් ඒ අයට ඇඳුම් ඇන්දවූ විට සමහර අලි ඇතුන් එකතැන තියාගෙන ඉන්නට බැහැ. පෙරහරේ යන්නමයි උත්සාහ කරන්නේ. ඒ නිසා සමහර ඇත් ගොව්වන් කියන්නේ "අනේ මෙයා පෙරහරේ ඉස්සෙල්ලාම දාන්න. මෙයා ඇඳුම් අන්දවලා එකතැන තියාගෙන ඉන්න බැහැ" කියලයි.

අලුතෙන් එන කෝඩුකාර අලි ඇතුන් එක්වරම පෙරහරේ ගෙනයන්නේ නැහැ. ඒ අය බෙර හඬට, පන්දම් එළිවලට හා මිනිසුන්ටත් බය නැති වෙන්න ඕනෙ. ඒ නිසා පළමුවෙන්ම කරන්නේ ඒ කෝඩුකාර අලි ඇතුන්ට පෙරහර පටන් ගන්න ඉස්සර ලස්සන ඇඳුමක්  ඇන්දවීමයි. එවිට එම  සතා ආශාවෙන් ඇඳුම් ඇඳගෙන සිටී. නමුත් එහෙම කළත් එයාව පෙරහරේ ගෙන යන්නේ නැහැ. පළමුව එයාට ඇඳුම් අන්දවලා ගෙනත් එක තැනක ගැට ගහලා එයාට පෙරහර පෙන්වනවා. එහෙම දින කීපයක් කළ විට එයා පෙරහරේ යන්න ආශාවක්    දක්වනවා. එවිට කරන්නේ එයා මිතුරු වෙලා ඉන්න අලි ඇතුන් සමග එයා පෙරහරේ ගමන් කරවීමයි.එවිට පෙරහරේදී එයාට යම් බියක් ප්‍රශ්නයක් ඇති වුණොත් එයා එයාගෙ යාළුවා ළඟට කිට්ටු වෙලා ඉන්නව වගේම ඒ අය දන්නවා එහෙම කරදරයක් වුණොත් එයාගේ යාළුවා එයාට උදව් කරන බව.

අලි ඇතුන්ගේ හැසිරීමත් මහා පුදුමයි. ඒ අය කොපමණ ප්‍රචණ්ඩ වුණත් පෙරහර වෙලාවට ඒ අය පුදුම සංවරකමක් දක්වනව.දැන් මාලිගාවේ ඇත්පංතියෙ ඉන්න ඉංදිරාජා ප්‍රචණ්ඩ ඇතෙක්.  සමහරු පුදුම වෙනවා මෙයා කොහොමද කරඬුව වඩමවන්නේ කියා. ඒ කොපමණ ප්‍රචණ්ඩ  චරිතයක් වුවත් ඇඳුම් අන්දවා ඇතාගේ පිටේ කරඬුව තැන්පත් කරන්න මාළිගාව තුළට ගත් පසුව ඇතාගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වේ.  පෙරහරේ ශිල්පීන් බෙරකරුවන් පන්දම්කරුවන් එම ඇතා ළඟට ආවත් එයා නිහඬව සිටී. සමහර විට පෙරහර කරඬුව සමග රන්සිවිගේ ඇද වුණොත් එම ඇතා පෙරහරේ ගමන් කිරීම නතර කරයි. එක අඩියක්වත් ඉදිරියට තබන්නේ නැත. පෙරහර කරඬුව රැගත් ඇතා පෙරහරේ ගමන් කරන විට දෑලෙ ඇතුන් දෙදෙනා කරඬුව ගෙන යන ඇතාට පුදුම විදියට සහයෝගය දක්වති. දෑලෙ යන ඇතුන් දෙදෙනාත් පෙරහර කරඬුව ගෙනයන ඇතා ගැන පුදුම විදියට අවධානයක් යොමු කරති. කරඬුව වැඩමවන ඇතා නැවතුණ විට දෑලෙ යන ඇතුන් දෙදෙනාත් නතර වේ. ආයෙමත් ඉදිරියට ගමන් කිරීම ආරම්භ කළ විට කරඬුව වැඩම කරන ඇතා ගමන් කිරීමට පෙර පාදය තැබූ පසුවයි දෑලෙ ඇතුන් දෙදෙනා ඉදිරියට පාද තබන්නේ මේවා කවුරුත් ඒ අයට කියා දුන් ඒවා නම් නොවෙයි.

පුංචි අලි පැටවුන් වගේ ලොකු අලි ඇතුන්ද පැණිරසට පුදුම කැමැත්තක් දක්වයි. ඒ නිසා ඒ අය පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් ඇත් ගොව්වන් ඒ අයට ටොෆි, චොකලට් වගේ ඒවා කන්නට දෙති. සමහරු කොප්පරා කන්න ආසයි. සමහරු උක්දඬු වගේ දේවල් කන්න ආසයි. තමන්ගේ අලි ඇතුන් ආස කරන දේ ඇත්ගොව්වන් හොරෙන් සඟවාගෙන ඉඳන් පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් ඒවා ඒ අය ට දෙනව. සමහර අලි ඇතුන්ගේ දෙපාවලට මාංචු දාලා හිරකර ගෙනයි පෙරහරේ  ගෙනයන්නේ. එයට හේතුව පෙරහරේ ගෙන යන්න ඒ අලි ඇතුන් නුසුදුසු වුණත් අලි ඇතුන්ගේ හිඟකම නිසා ඒ අයත් පෙරහරේ ගෙනයන්න සිදුවීමයි. එහෙම හිර කරගෙන යනවිට ඒ අයට තරහාත් යනවා. ඒ නිසා ඇත්ගොව්වන් ඒ අයට ටොෆි, චොකලට්, පලතුරු වගේ දේවල් දීලා රවටලා ඒ අයගේ අවධානය වෙන අතකට යොමු කර පෙරහරේ ගෙනයයි. හරියට ‍පොඩි ළමයි එක්ක කටයුතු කරනව වගෙයි.
සාමාන්‍යයෙන් සමහරු හිතනවා ඇයි මේ වගේ අලි ඇතුන් මාංචු දාගෙන පෙරහරේ ගෙන යන්නේ කියා. අලි ඇතුන් මද කිපෙන්න මාස තුනකට කලින් වුණත් පෙරහරේ ගෙන යන්න සුදුසු නැහැ. නමුත් මද කිපෙන්නෙ ලබන මාසෙ කියලා තියන අයත් දැන් පෙරහරේ ගෙනයන්න සිදුවී තිබේ. ඒ අලි ඇතුන්ගේ හිඟකම නිසායි. ඒ අය ඒ කාලෙට ප්‍රචණ්ඩත්වයට බර නිසා ඒ අයව හිරකරගෙන අපට පෙරහරේ ගෙන යන්න සිදුවේ.

අලි ඇතුන් පෙරහර වෙලාවෙදි වුණත් යන්නේ බොහෝ කල්පනාවෙන්. ඒ බව බොහෝ අය දන්නෙ නැහැ. මොකක් හරි කලබලයක් වෙලා මිනිසුන් කෑකෝ ගසන විට අනෙක් අලි ඇතුන් දන්නවා මොකක් හරි කලබලයක් අනතුරක් කියා. එවිට එතකොට ඒ අය නිතරම දුවන්නේ ඇත්ගොව්වා හා සෙනග දුවන දෙසටයි. ඒ අලි ඇතුන් හැම වෙලාවෙම හිතනවා ජනතාව අතරට ගිය විට ජනතාව       ඒ අයව ඒ කරදරෙන් බේරගනීවි කියා. ඒ නිසා යම් සිදුවීමක් සිදුවුණ විට ජනතාව කෑකෝ ගැසුවොත් අලි ඇතුන් බිය වේ.  ඝෝෂාවක් නැතිව නිහඬව ඉන්නවානම් අලි ඇතුන් කරදර කරන්නේ නැහැ.


පෙරහර අවසානයේ ඇඳුම් ලිහනවාටත් අකමැති අලි ඇතුන් සිටී.  පෙරහර මංගල්‍යය අවසන් වෙන දවස ඒ අලි ඇතුන්ට දැනේ. ඒ අයට පෙරහර අවසන් කියා වැටහෙයි. සමහරුන්ට ඒ කනගාටුව තිබෙයි. තමන්ගේ යාළුවන් මිතුරන් දාලා යන්න, ඒ අයගෙන් වෙන් වෙන්න යනවා කියලා ඒ අයට දැනේ.  සමහරු දෑස්වල කඳුළු පුරෝගෙනයි සමුගන්නෙත්. දෑස්වල කඳුළු පුරෝගෙන දළදා හිමි වන්දනා මාන කරගෙන ඒ අය තමන්ගේ ගම් බිම් බලා යන්නෙ ආයෙ තවත් වසරකින් පෙරහරට එන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් වෙන්නට ඇති.
 ගයා වන්නිආරච්චි 



20 Places That Don't Look Real



 



 
20 Places That Don't Look Real

 

 

 

 

 

 

 

 


  20 Places That Don't Look Real 

20 Places That Don t Look Real
 
1. Bamboo Forest (China)

Image credits: Yuya Horikawa | Tomoaki Kabe 2. Black Forest (Germany)

Image credits: Andy linden

3. Fields of Tea (China)

Image credits: unknown

4. Hang Son Doong (Vietnam)

Image credits: Carsten Peter

5. Hitachi Seaside Park (Japan)

Image credits: nipomen2 | sename777

6. Lake Hillier (Australia)

Image credits: Ockert Le Roux

7. Lake Retba (Sengal)

Image credits: buzzfeed

8. Antelope Canyon (USA)

Image credits: CSMphotography

9. Lavender Fields (France)

Image credits: Antony Spencer | Erasmus T

10. Mendenhall Ice Caves (Alaska)

Image credits: Kent Mearig

11. Mount Roraima (South America)

Image credits: imgur.com | Uwe George

12. Naico Mine (Mexico)

Via: daytraveling | tumblr

13. Red Beach (China)

Image credits: MJiA

14. Solar du Uyuni (Bolivia)

Image credits: dadi360

15. Tianzi Mountains (China)

Image credits: Richard Janecki

16. Tulip Fields (Netherlands)

Image credits: Nicole_Denise

17. Tunnel of Love (Ukraine)

Image credits: Oleg Gordienko

18. Wisteria Flower Tunnel (Japan)

Image credits: imgur.com | mindphoto.blog.fc2.com

19. Zhangye Danxia Landform (China)

Image credits: unbelievableinfo.blogspot.it

20. Zhangye Danxia Landform (China)


 

 

 

 

 

 

 

 

 


ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com