Saturday, August 8, 2009

ස්ලිට් හා ස්වයං මාධ්‍ය[බොලොග්] වාරණයක!!!!!!!!!!!!

ඇත්තම කියන්ඩ එපැයි ඉස්සල්ල ඔය ෆිල්ම් එකක් බලල ඒක ගැන සිංහලෙන් ලියන්න බොලොග් එකක් පටන්ගත්තට මම දන්න මාධ්‍ය කෙරුවාවක් නැහැ.
ඒ උනාට මට හරිම පුදුමයක් පේනව. රාමුවෙන් පිට මහතා ඇරෙන්න කිසි කෙනෙක් ස්ලිට් එකේ උනා කියන කාලගෝට්ටිය ගැන ලියවෙලා තියෙනව දැක්කේ නැ. මට මග හැරිලද දන්නැ. කොහොම උනත් එක්කො අපේ බොලොග් කරුවෝ පොලොසියට බයයි,එක්කෝ සිංහල බොලොග් ලියන අය ඔය ආයතනයේ ඉගෙන ගන්නේ නැ, එක්කෝ ඔය වගේ ඒවා වෙන්නේ කැලනියේ, ජපුර, උවේ කොටින්ම ඔය පින් විශ්වවිද්‍යාලවල කාලකන්නින්ගේ වැඩ කියල බ්ලොග් ලියන, කමෙන්ට් දාපු අයට දැන් පොලවේ කකුල ගැවෙනව ඇති. සල්ලි ගෙවල ඉගෙන ගත්තත් , ශිෂත්වයකින් නොමිලේ ඉගෙනගත්තත් , රැග් වුනත් නැතත් මිනිස්සුන්ගේ ගොත්‍රික ගති එලියට එනව. බලය තියන එකා අනිකාව පාගනව. කල්ලි ගැහැනව. සල්ලි ඇති නැති, පොරවල්- පොත් ගුල්ලෝ ,පක්ෂ බේද , ගමේ සෙට් එක කොලබ සෙට් එක මේ ආදි මෙකී නොකී කල්ලි ඇතිවෙනව.
කොහොම උනත් ගොඩක් අය තම පන්තිය රැක ගන්නත් ස්වයං මාධ්‍ය වාරණයක නිරත වෙනව කියල තමා පේන්නේ..

12 comments:

  1. හම් කතාවෙ ඇත්තක් තියෙනව

    ReplyDelete
  2. "එක්කෝ සිංහල බොලොග් ලියන අය ඔය ආයතනයේ ඉගෙන ගන්නේ නැ"

    ඒක වෙන්න පුලුවන්...

    මම උනත් සිද්ධීය දැනගත්තෙ blog එකකින්..

    අනික ඉතින් ‍ගොඩක් අය බ්ලොග් මිසක් news paper නෙමෙයිනෙ කරන්නෙ..

    ReplyDelete
  3. "අනික ඉතින් ‍ගොඩක් අය බ්ලොග් මිසක් news paper නෙමෙයිනෙ කරන්නෙ.."

    කණිෂ්ක කියපු කතාවට මමත් එකඟ වෙනවා. අනිවාර්යයෙන් රටේ වෙන හැමදෙයක්ම ලියවිය යුතුයි කියලා නීතියකුත් නෑ නේද? තම තමන්ගේ බ්ලොග් වල අයිතිකාරයෝ කැමති දේවල් ලියාවි. මමත් ඔය වගේ සිද්ධියකට මුහුණ දුන් නිසයි මේ කියන්නේ. මම පහුගිය කාලේ එක්තරා කාලීන සිද්ධියක් ගැන ලිව්වාම ගොඩක් දෙනෙකුට ප්‍රශ්ණයක් උනේ මම ඒ හා සමාන තවත් සිද්ධියක් ගැන නොලිව්වෙ මන්ද යන එක.

    SLIIT හි ඉගෙන ගන්න බ්ලොග්කරුවන් කිහිපදෙනෙක්ම මම දැනුවත්ව මේ සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න බවත් මතක් කර දෙන්න කැමතියි.

    ReplyDelete
  4. මේ ගැන මම දැන ගත්තේ මේල් එකකින්.

    බ්ලොග් එකක තියන කරුණු හරි මේල් එකකින් එන කරුණු පිළිබඳව දැන් අපිට විශ්වාසය තියන්නත් අමාරුයි වගේ. මොකද පහුගිය දවස් වල ඔය වගේ නොමඟ යැවීම් කීපයක් සිදු වුණා.(ස්ලිට් ළමයෙක් අතුරුදන් කියල මේල් එකක් ආවා අවුරුද්දකට විතර ඉස්සර,ucsc එකේ මයිකල් ජැක්සන් වෙනුවෙන් බැනර් උස්සන් ගියා කියලත් මේල් ආවා...)

    ඔය සිද්ධිය ගැන මේල් එකකින් දැන ගත්තට ඒ ගැන හරියටම දැන ගන්නෙ නැතුව ඔය ගැන ලියන්න අමාරුයි. නිදහසට කරුණු කියනව නෙවෙයි. නමුත් තමුන් කැමති දෙයක් ගැන ලියන්න බ්ලොග් කරුවන්ට අයිතියක් තියනවා. මොකද මෙයාලා වෘත්තිමය මාධ්‍ය වේදියො නොවෙයි නෙ.

    ReplyDelete
  5. බ්ලොග් වල ඇත් හැම දෙයක්මත් නිවැරදි ‍නොවන තත්වයකුයි දැන් උදාවෙලා තියෙන්නේ.
    තමන්‍‍ගෙ මතයට විරුද්ධ නිසා කාටහරි මඩ ගහන්න ඕනි උනාම, කා‍ගෙ හරි ‍දෙයක් ඇදාගෙන තමන්‍‍ගෙ ‍හොද්ද බොර කර ගැනිම දැන් දැන් සාමාන්‍ය දෙයක් බවට පත් ‍වෙලා.
    ඉතින් නිවැරදි දෙ දන්නැතිව කතා කරලත් බැ අසාධාරණය දැක දැක කට පියන් ඉදලත් බැරි තත්වයකයි ගොඩක් අය ඉන්‍‍නෙ.
    sliit එ‍කෙ ප්‍රශ්ණයත් එවගෙ.

    ReplyDelete
  6. තව දෙයක් තියෙනවා කියන්න. මේකත් මගේ අත්දැකීමකින්.

    නොලිව්වොත් කියන්නෙ "කුහක කමට ලිව්වෙ නෑ", නැත්තං "කොලඹට කිරි ගමට කැකිරි" කියලා.
    හැබැයි ලිව්වාම කියන්නෙ "මේක මේ බ්ලොග් එක ප්‍රමෝට් කරගන්න දරපු අමන උත්සාහයක්" කියලා.

    ReplyDelete
  7. campus පල මරාගන්න එක සාමාන්‍ය දෙයක් එත් මෙතන එකට පොලිසියත් සම්බන්ධයි.
    පොලිසිය ඇගිලි ගැහිම වෙනම විසදන්න ඕනි, ‍කොල්‍ලලො මරා ගන්න එක වෙනම විසදන්න ඕනි ‍මොකද එක දැන් විෂබිඡයක් වෙලා හැමතැනම. අන්තිමට කැම්පස් වහනවා ඉගෙන ගන්න වුන්ටත් ඉගෙන ගන්න නැ.
    මෙතනත් එහෙමයි මෙකෙ පොලිසිය එකා නැත්නම් අහන්න ‍තිබු‍නෙ දෙපිරිසක් අතර ගැටුමක් sliit එක වැසිමට සිදුවිය.

    ReplyDelete
  8. මම මේ ගැන දැනගත්තේ lankaenews.com අඩවියෙන්.
    සිද්ධිය දැනගත් ගමන් මම ඒක tweet කළා. නමුත් ඒ අඩවියෙන්ම මයිකල් ජැක්සන් වෙනුවෙන් බැනර් උස්සන් යන ව්‍යාජ ඡායාරූපය ඇත්ත ප්‍රවෘත්තියක් වගේ ප්‍රචාරය කළාට පස්සෙ Lanka e News අඩවිය ගැන මගේ විශ්වාසය අඩු වුණා.

    SLIIT හි ඉගෙන ගන්න බ්ලොග්කරුවන් මේ ගැන නිහඬ මොකද ඇයි කියන එක මටත් තවම හිතාගන්න බැහැ. සිද්ධිය හරි හැටි නොදැන අපට මොනවත් ලියන්නත් බැහැ.

    ReplyDelete
  9. Sapumal Jayaratne commented on your post:

    "තවද, රජයේ සරසවිවල නවකවදය ගැන පිටු ගනන් ලියූ මාධ්ය ස්ලිට් ආයතනයේ මරණවධය ගැන මුනිවත රැකීමට එක් හේතුවක් මෙසේ තේරුම් ගතහැක. මාධ්යකරුවා නිතරම උත්සාහගන්නේ බහුතර සමාජය තුල ජනප්රිය කලහැකි මාතෘකාවක් ඔසවා තැබීමටයි. ස්ලිට් ආයතනයේ සිදුවූ සිදුවීම අති බහුතර ලාංකික සමාජය තුල ජනප්රිය කිරීමේ හැකියාවට වඩා රජයේ සරසවියක සුළු නවකවද සිද්ධියක් ජනප්රිය කිරීමේ හැකියාව ඉතා ඉහල ය."


    To see the comment thread, follow the link below:
    http://www.facebook.com/n/?profile.php&id=1194637751&v=feed&story_fbid=5002890865387&mid=e88988G4734b9b7G5a741eG36

    ReplyDelete
  10. Sapumal Jayaratne commented on your post:

    "පෞද්ගලික් ආයතන හරහා අධ්යාපන අවස්ථා වැඩ්කිරීම ඉතා පලදායක දෙයක් වුවද ඒ තුලින් පරිපූර්ණ අධ්යාපනයක් ලබාදිය නොහැකි වීමේ යථාර්තය වටහාගැනීමටත් එම අභියෝගයට සාර්ථකව මුහුණදීමටත් අධ්යාපන බලධාරීන්ට හැකිවේවා යි පතමි."


    To see the comment thread, follow the link below:
    http://www.facebook.com/n/?profile.php&id=1194637751&v=feed&story_fbid=5002890865387&mid=e887f4G4734b9b7G5a73b8G36

    ReplyDelete
  11. Sapumal Jayaratne commented on your post:

    "ඔබ මා දන්නා ආකාරයට අප සරසවියේ පළමු වසර අවසානයේ දී අප ලබාගත් දැනුම සහ විනය හා සලකා බලන කල විභාගය සමත්වීම යනු ඉතා සුළු දෙයකි. නමුත් ඉහත ආයතන වල සිසු/සිසුවියන් ට විභාග ප්රතිඵල වලට වඩා වැඩි යමක් වසර අවසානයේ දී ලැබේදැ යි සැක සහිත ය."


    To see the comment thread, follow the link below:
    http://www.facebook.com/n/?profile.php&id=1194637751&v=feed&story_fbid=5002890865387&mid=e887eaG4734b9b7G5a73b2G36

    ReplyDelete
  12. Sapumal Jayaratne commented on your post:

    "උසස් අධ්යාපනයේ පරමාර්ථය වන පූර්ණ මිනිසෙකු සමාජයට දායාද කිරීමේ වගකීම මගහරිමින් හුදෙක් යම් ක්ෂ්රේත්රයකට සීමාවූ දැනුමක් ලබාදී උපාධියක් ලබාදීමට කටයුතු කිරීම තුල සමාජයටත්, සිසු/සිසුවියන්ටත් මහත් අසාධාරණයක් කිරීමට මෙම ආයතන සමත්ව ඇත."


    To see the comment thread, follow the link below:
    http://www.facebook.com/n/?profile.php&id=1194637751&v=feed&story_fbid=5002890865387&mid=e887d5G4734b9b7G5a73a9G36

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com