Tuesday, July 27, 2010
ඔන්න දැන් "දැන ගියොත් කතරගම නොදන ගියොත් අතරමග කියපු කාලේ ඉවරයි " මෙන්න බොලේ අපේම GPS Navigation System එකක්!!!!!!
මට නම් තියෙන ලොකුම හිසරදයක් තමයි මේ පාරවල් මතක තියගන්න එක. පාරවල් අයිනේ නතර කර මිනිසුන්ගෙන් පාරවල් අහල අතරමං වෙච්ච වෙලාවල් අනන්තයි. විශේෂයෙන් ගල් වලේ පංචිකාවතේ පාරවල් වල.
තවදෙයක් තමයි පෙට්‍රල් ෂෙඩ් හරි , බැංකු හොයන එක හොය හොයා යනකොට පහුවෙලා ඉවරයි. අනික කට්ටිය ඔය කියන ෂොර්ට් කට් පාරවල් ඇත්තටම ෂොර්ට් ද කියන එක.
දැන් අවුරුදු දෙකකට විතර කලින් අපේ ශාමාල් පේරාදෙනිය E/97 ගෙට්‍ටුවේදී මේ GPS කතාව කිව්ව . කාපු බිපු වෙලාවට කියන කතා කවුද ඉතින් සිරියස් ගන්නේ. ලෝකෙට මේක අලුත් නොවුනාට ලංකාවේ තියෙන සංකිර්ණ අවුල්සහගත අච්චාරු මාර්ග නාම කරන සහ ලිපින පද්ධතිය තුල මෙහෙම දෙයක් හදපු එක අතිවිශාල ජයග්‍රහණයක්. මට මතකයි අපේ ඉංජිනේරු ප්‍රදර්ශනයේ දි ෂාමාල් කාර් එකක ටයර් පන්ච් එකක් ගියාම ගොඩදාගන්න ගැජට් එකක් හැදුව. මේ වගේ දෙයක් ඔනි වෙලා තියෙන කෙනෙකුට වෙබ් එකට ගිහින් බලන්න පුලුවන්. මේක ගත්තත් නොගත්තත් මේක තරුණ නිර්මාණකරුවෙකු සහ විව්‍යයසායකෙකු වශයෙන් අගය කල යුතු ආදර්ශමත් වැඩක්.
http://www.salagis.com/
http://www.salagis.com/index.php?option=com_chronocontact&Itemid=5
Friday, July 2, 2010
Casino තමයි කතාව මේක පෙන්නල තියෙන්නේ 1995 වුනාට මෙච්චර කාලයක් බලන්න බැරි වෙච්ච එක තමා දුක!!!!!!!!!
මෙන්න නියම මතක් කර කර රසවිදින්න පුලුවන් ගනයේ IMDB 8.1/10 104,946votes ගත්ත කතාවක් තමයි මේ කියන්නේ. Casino තමයි කතාව මේක පෙන්නල තියෙන්නේ 1995 වුනාට මෙච්චර කාලයක් බලන්න බැරි වෙච්ච එක තමා දුක. මේක මට කිව්වේ මා සමග වැඩකරන බ්‍රිතාන්‍ය ජාතිකයා. ඔහු මේකයි goodfellas බලන්න කිව්ව බයිස්කෝප් තිබුනු එක ටික කලකට කලින්.
goodfellas බලපු අය දැක්ක නලුවෝ ටික මේකේ ඉන්නවා. මෙය ඇමරිකාවේ එක් කාලපරිච්චේදයකදී සිදුවු සත්‍ය කාතා මත හදපු එකක්. මේක බලනකොට අපිට මතක් වෙනව අපේ රටේ හිටපු අය ගැන. කියල වැඩක් නැ ඒක නිසා කොහොම හරි බලන්න.
බාගන්න
Subscribe to:
Posts (Atom)
ShareThis
ShareThis
Subscribe via email
Pages
Facebook Badge
නිතර සෙට් වෙන කස්ටිය
muthunayake@gmail.com
muthunayake@gmail.com