Monday, June 16, 2014
Tuesday, April 1, 2014
glowing stumps to add glitter to ICC World T20
අයි ෆෝනයටත් වඩා වටිනා දැල්වෙන බේල්ස්
බංග්ලාදේශයේ පවත්වන ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්රිකට් තරගාවලියේ කඩුලු මත තිබෙන බේල්ස් (bails) යුගලය සාදා ඇත්තේ යමක් ගෑවුණ සැනින් ඒවා දැල්වීම සිදු වන පරිදිය.මෙලෙස නිපදවා ඇති මෙම බේල්ස් (bails) යුගලයක් අයි ෆෝනයකට වඩා වටින බව විදෙස් වාර්තාවල දැක්වේ.
මෙම බේල්ස් (bails) වල ඇති විශේෂත්වය වන්නේ දැල්වෙන ආලෝක ධාරාව ක්රීඩකයන්ට මෙන්ම ප්රේක්ෂකයන්ටද දැක ගත හැකිවීමය
මේ දැල්වෙන බේල්ස්වලට දීප්තිය ලබාදෙන්නේ එල්.ඊ.ඩී (L.E.D) බල්බවලිනි.
මෙම අධිතාක්ෂණික බේල්ස් හා කඩුල්ල 'Zings'ලෙස නම්කර ඇති අතර එය ඕස්ට්රේලියානු ආයතනයක් විසින් නිෂ්පාදනය කර තිබේ. එහි නිමැවුම්කරු වන බ්රොන්ටී එකමන් (Bronte Eckermann) පවසන්නෙ මේ තාක්ෂණය ක්රිකට් ක්රීඩාවට හඳුන්වාදෙනු ලැබුවේ විනිසුරුවන්ගේ පහසුව සඳහා බවයි.
මෙම බේල්ස් යුගලයක වටිනාකම ඇමරිකානු ඩොලර් 25ක් පමණ වන බවද විදෙස් වාර්තාවල දැක්වේ.
ලෝක කුසලානයේ එක් තරගයක් සඳහා මේ තාක්ෂණය යොදා ගැනීමට ඇමරිකානු ඩොලර් 40,000 ක් පමණ වැය වන බවද පැවසේ.









Monday, March 17, 2014
ලෝකයේ උසම උද්යානය සහිත ගොඩනැඟිල්ල ලංකාවෙන්
ලෝකයේ උසම උද්යානය සහිත ගොඩනැඟිල්ල ලංකාවෙන්
ලෝකයේ උසම උද්යානය සහිත ගොඩනැඟිල්ල 2015 අවසානයේදී ලංකාවේ විවෘත කිරීමට නියමිතය.
Clearpoint Tower ලෙස හඳුන්වන එය මහල් 46කින් සමන්විත වන අතර කොට්ටාව, රාජගිරිය මායිමේ මේ වනවිට ඉදිවෙමින් පවති.
මීට පෙර World's tallest vertical garden ලෙස එම වාර්තාවට උරුමකම් කියනු ලැබූවේ මහල් 26කින් යුත් Milan හි පිහිටි Bosco Verticale ගොඩනැඟිල්ලයි.
රාජගිරියේ ඉදිවන මෙම ගොඩනැඟිල්ලේ ඇති විශේෂත්වය වන්නේ වීදුරු වලින් තොරව හිරු එළිය හා සුළඟ ඇතුලට එන ස්වභාවික ආකාරයෙන් බැල්කනි, ඉස්තෝප්පුව හා මුළුතැන්ගෙය ඉදිකර තිබීමයි.
එබැවින් වායුසමණය සඳහා වැයවන මුදලද ඉතිරිවේ. පොදු පහසුකම් සඳහා අවශ්‍ය විදුලිබලය සැපයෙන්නේ වහලේ සවිකර ඇති සූර්ය පැනල මඟිනි. සිටවා ඇති ගස් සඳහා ජලය සැපයීම ස්වයංක්රීයව සිදුවේ.
ඉදීකිරීම් අවසන්වීමෙන් පසු එහි පෙනුම දැක්වෙන ජායාරූප කිහිපයක් පහතින්.
























