Thursday, May 28, 2009

සංවේගයෙන් දැනුම් දීමයි Prison Break හි Michael Scofield මලා



මේ කතා මාලාව ගොඩක් අය බලල ඇති දන්නැති බලපු නැති අය ඉන්නවනම් එලම එල කතා මාලාවක් පරිච්චේද 4 කින් සමන්විත මට මතක හැටියට කතා 81 ක් තියෙනව 2005-2009 අතර එලිදැක්වුනා.
කතාව මෙහෙමයි, ඔන්න Structural Engineer කෙනෙක් ඉන්නවා Michael Scofield ඔහු ඉහල බුද්ධිමට්ටමක් ඇති අයෙක්. තම සහෝදරයා කුමන්ත්‍රනයක් නිසා Fox river කියන බන්ධනාගාරයට යනව. මොහුට ඔහු බේරා ගැනීමට ඔනිවෙනව නිසා Fox river හි Structural Drawings සියල්ල පච්ච ආකාරයට ඇගේ කොටා ගන්නව. ඉට පසු හිතා මතාම වැරදි කර Fox river යනව.
Fox river බන්ධනාගාරය කඩල එලියට එන එක මේසය උඩ පැලැන් කර තරම් ලේසි නැ. එක එක ජාතියේ කස්ටිය, ගේම් ලෝකයක්. ටික වෙලාවක් යන කොට අඩ්‍ය්කෂක අපිව කතාවේ ජීවත් කරවනව. මයිකල් හරිම කූල් මොලෙන් තමා ගේම දෙන්නේ
වෙලාව තියනවනම් බලන්න එලම එල

ලින්ක් දෙන්න අමාරුයි මුල එවායේ. mininova, torrentz , pb එකේ Eztv සහ LOL යටතේ හොද Copy තියනව

5 comments:

  1. MacGyver වලට පස්සෙ මම ආසම කරපු චරිතයක් Michael Scofield කියන්නෙ. බලන්නම ඕනෙ ඒක වටහාගන්න පුදුම නිර්මාණාත්මක හැකියාවක් එයාට තියෙන්නෙ.ඒවගෙම දේවල් සැලසුම්කිරීම් ඒවා මෙහෙයවීම් අතින් ඉහල හැකියාවකින් යුතු පුද්ගලයෙක්.
    වැඩි විස්තර
    http://www.fox.com/prisonbreak/

    ReplyDelete
  2. මම නං තුනෙන් පස්සේ බැලුවෙ නෑ. හතරවෙනි එක ටිකක් මහ ගෙදර වගේ. හරි ගොං.
    මට හිතුන මැරෙයි කියල. අසීමිත ලෙස මොළය පාවිච්චි කිරීම නිසා පහුගිය දවස් වල නාසයෙන් රුධිරය වහනය වුන නේද?

    ReplyDelete
  3. හරියටම හරි අර සිලා එකෙන් පස්සේ ඒක අල පාත්තියක් උනා ඒ උනාට සමස්තයක් ගත්තහම එල කතාවක්.

    ReplyDelete
  4. ඔය කතා මාලාව පටන්ගන්නකොට කතා මාලා දෙකකින් හමාර කොරන්ට තමයි නිෂ්පාදක මණ්ඩලේ හිතාගෙන ඉදල තියෙන්නෙ. ඒත් මේක ලබපු අසීමිත ජනප්‍රියතාවය හින්දා තමා කතා මාලා 4ක් වෙනකන් ඇදගෙන ඇවිත් තියෙන්නෙ. අන්තිම ටිකේ පොඩ්ඩක් කතාව අල වුනා තමයි.

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com