Thursday, December 30, 2010

පුද්ගලික වෛද්‍ය විද්‍යල ප්‍රශ්ණය



මේ දිනවල රටේ තියන ලොකුම ප්‍රශ්නය විදිහට මාධ්‍ය හා දේශපාලන ක්‍රියාකාරීන් පුම්බන පුද්ගලික වෛද්‍ය විද්‍යල ප්‍රශ්ණය මට හිතෙන්නේ මේරටේ බහුතර ජනතාවට නම් ලොකුප්‍රශ්නයක් නොවන බවයි පෙනෙන්නේ.

මොකද මේ රටේ ජනතාවගෙන් යැපිල ඉගෙනගෙන බහුතරයක් දොස්තරලා ඉතා කුහක විදිහට මිනිස්සුන්ව හුරකනව.දෙවිවරු වගේ දොස්තර මහත්වරු ඉන්නවා ඉතා ස්වල්පයක්.


ඔය පෞද්ගලික මෙඩිකල් රෙෆ් කෙනෙක් ගෙන් ඇහුවාම දොස්තලාගේ පැටිකිරිය හොදට අහගත්තැකි. ඉස්සර මෙඩිකල් රෙෆ්ලා ඔය තුන්ඩු පැඩ් එකක්, ඔරලෝසුවක් , පොඩි ගැජට් එකක් දිලා පුරුදු කරපු අල්ලස් දැන් ගුවන් සවාරි , කාර් , එතකොට ඔය මාසික වාර්ශික හමුවලට මිලියන ගනන් ගෙවන මට්ටමට ඇවිල්ල. විරෝධතා වලටදිනක මහජන සහයොගයක් ලැබෙන්නැ. මොකද දොස්තරලා සුරකනව කියල ඕන කෙනෙක් දන්නව. පුලුවන්නම ස්වාධින සමිශනයක් කරල බලන්න මිනිස්සු කොච්චර කලකිරිමෙන්ද ඉන්නේ කියල. ඉස්සල්ලම ජේෂ්ඨයන්ට කියන්න ප්‍රයිවට ඉස්පිරිතාල වල වැඩ කරන එක නවත්වන්න කියල. මොකද ඒවගේ කොලිටිය ෂුවර් නැනේ. මේරටේ මිනිස්සුන්ට ඉගෙනගන්න තියෙන නිදහස නැතිකරන්න එපා තමන්ට අවාසි වෙයි කියල හිතල. ඔබාලා නිකං ඉගෙන ගෙන විදින වරප්‍රසද අනිත් අය සමග සසදා බලන්න. වෙන රටවල උගත් වියත් පිරිස එක සමුහයක් විදිහට වැඩකලත් මෙහෙ ඔබලා ඉන්නේ වෙනම ඒ නිසා ප්‍රශ්නවලදී ඔබලා හුදකලා වෙනව.

මේ රටේ රජයේ විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගත්තත් මම නම් කැමතියි මේ රටෙ හොද පුද්ගලික විශ්ව විද්‍යාලවලට. ඒවා වැරදි නම් එතකොට පාරට බහින්න

2 comments:

  1. ලෙඩ හැදිලා කට උඩ දාගෙන එනකොට නම් කුහක විදිහට සලකනවා කියලා කියන්නෙ නෑ .එතකොට නම් කියන්නෙ අනේ බුදු මහත්තයො මාව බේරලා දෙන්න කියලා. ජනතාවට ලොකු ප්රස්නයක් නොවෙන්නෙ තාම පුදගලික විද්‍යාලවල වෙද්‍යවරු නැති හින්දා. එහෙම අයගෙන් වෙන වැරදි වලට මිනිස්සු මැරෙනකොටත් ප්රශ්නයක් නොවේවිද ?
    ලියලා තියෙන කෙනා ගැන දුක හිතෙනවා. තව පොඩ්ඩක් හොයලා බලලා ලිව්ව නම් තමා හොද.

    ReplyDelete
  2. ලෙඩ වෙලා ආවම සලකන්න තමයි මේ රටේ ජනතාවගේ දහඩියෙන් කැප්පස් නඩත්තු කරන්නේ. ඔබලාට බදු සහන වාහන දෙන්නේ. ඉතා හොද රජයේ රස්සාවක් දෙන්නේ, ගරු සරු ඇතුව කතා කරන්නේ වෙන දේකට නෙවෙයි ඔබලා අපි මේ රටේ මිනිස්සුන්ගෙන් ලේ දහඩියට ණයයි. ලෙඩවෙලා ආපු වෙලාවක නොසලකා සිටියොත් ඔබලාගේ අවසානය එයයි.

    මට දුක ඔබට ගුගල් එකවුන්ට් එකක් වත් හදාගන්න බැරි කම ගැන

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com