Friday, August 23, 2013

දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක්‌ නෑ!














 
 
- වෛද්‍ය පාලිත සමන් ජයකොඩි

අපේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂණ පදාර්ථ ලබාගැනීමට කිරිපිටි බීම අත්‍යාවශ්‍යයි කියල මතයක්‌ සමාජයේ පැතිරිල තියෙනව නේද?

මේක කිරිපිටි සහ කිරි නිෂ්පාදනය කරල බෙදා හැරල සාමාන්‍ය මහජනතාවගෙන් අයුක්‌තිසහගත ලෙස මුදල් හූරගෙන කන බහුජාතික සමාගම් මේ රටේ ඇතිකරපු මතයක්‌. අපේ ශරීරයට වෙනත් කිසිම ආහාරයකින් ලබා ගන්නට බැරි බව අඟවමින් කිරි බීමෙන් පමණක්‌ ලබාගත හැකි යෑයි කියන ප්‍රධාන සංඝටක දෙකක්‌ ගැන මේ සමාගම් ජනතාවට කියනව. ඒ තමයි ප්‍රොaටීන් සහ කැල්සියම්.

මේක තනිකරම මුසාවක්‌. කිරි කියන්නෙ ඕනම සතෙකු ගෙ ඉතා කුඩා කාලෙ අවශ්‍යතා පිරිමහන්න හැදිල තියෙන බීමක්‌. කුඩා දරුවන්ට මවුකිරි, හරක්‌ පැටවුන්ට එළකිරි. මේවයේ සංයුතිය හැදිල තියෙන්නෙත් ඒ ඒ සතාට විශේෂ වෙන විදිහට. මවුකිරිවල සංයුතිය අනුව මුල්තැන ලැබෙන්නේ මාංශ සහ අස්‌ථි වර්ධනයට නොවෙයි. මොළයේ සහ ස්‌නායු පද්ධතියේ වර්ධනයට. එළකිරි වලින් වැඩිපුරම කරන්නෙ වසු පැටියගෙ අස්‌ථි සහ මාංශමය වර්ධනයක්‌ ඇතිකිරීම. මවුකිරිවල ප්‍රධාන ඉලක්‌කය මොළය වර්ධනය කිරීම නිසා එහි ප්‍රොaටීන් හා කැල්සියම් ප්‍රතිශතය අඩුයි. මොළයේ වර්ධනයට අවශ්‍ය මේද සහ අනිකුත් පෝෂ්‍ය පදාර්ථ වැඩියි. හරක්‌ පැටියෙකුට ඉක්‌මනින් අවශ්‍ය මොළය වැඩීම නෙමෙයි ඌ බාහිර පරිසරයට හැඩගැස්‌වීමයි. ඒ නිසා ඊට අවශ්‍ය උගේ පාද හා ශරීරය ශක්‌තිමත් කිරීමට උවමනා ප්‍රොaටීන් සහ කැල්සියම් එළකිරිවල වැඩියි. මේ නිසා මවුකිරි හරක්‌ පැටියෙකුට ගැලපෙන්නෙ නෑ වගේම එළකිරිත් මනුෂ්‍ය දරුවෙකුට ගැලපෙන්නෙත් නෑ.

ඔබ ප්‍රබලව මතුකරන තර්කය එළකිරි සහ කිරිපිටි ඇතුළු එළකිරිවලින් නිෂ්පාදනය කරන ආහාර වැඩිහිටියන්ට අවශ්‍ය නැතිබව සහ ඒවා භාවිතයෙන් බරපතල ගැටලු ඇතිවන බව. කොහොමද ඔබ එහෙම කියන්නේ?

අපට මේ ලෝකේ ඕනෑම කාරණයක්‌ ගැන හොඳම පාඩම කියල දෙන්නේ සොබාදහම. අපි සොබාදහමේ නීතියට අනුව ජීවත්වෙනව නම් කිසිම ගැටලුවක්‌ ඇතිවෙන්නෙ නෑ. මම මීට පෙර කතා කළ හැම මාතෘකාවක්‌ ගැනම වගේ මේ කාරණය ගැනත් මම කතා කරන්නෙ සොබා දහම නිරීක්‍ෂණය කිරීම සහ සරල තර්ක බුද්ධිය කියන මූලික කරුණු 2 මත.

අලුත උපන් වසු පැටියෙක්‌ උගේ මවු එළදෙන සමඟ පිට්‌ටනියක ඉන්නව කියල හිතන්න. මේ පැටිය නිතරම මවු එළදෙනගෙන් කිරිබොනව. ටික කාලයක්‌ නිරීක්‍ෂණය කරනවිට අපට පේනව මේ පැටිය කිරි බොන අතරේ තණකොළත් එක දෙක කනව. මේ පැටිය නෑම්බෙක්‌ - නෑම්බියක්‌ වෙනකොට කිරිබීම සම්පූර්ණයෙන් අතෑරල තණකොළ විතරක්‌ කනව. ඒ කියන්නෙ වැඩුන පසුව වසුපැටියාවත් එළකිරි බොන්නේ නැහැ. ඒක තමයි සොබා දහම කියා දෙන පාඩම.

සොබාදහම මේ කියාදෙන පාඩම ජීව විද්‍යාත්මක සාක්‍ෂිවලින් ඉතාම හොඳට ඔප්පු වෙනව. ඒ මෙහෙමයි. කිරිවල තියෙන ප්‍රධාන සංඝටක දෙක වන ප්‍රොaටීන් සහ කාබෝහයිඩේ්‍රට්‌ ජීරණය කිරීමට අවශ්‍ය රෙනින් නමැති එන්සයිමය වයස අවුරුදු හතරෙන් පසු මිනිසුන්ගේ ආහාර මාර්ගයේ හැදෙන්නෙ නෑ. කිරිවල කාබෝහයිඩේ්‍රට හැටියට තියෙන්නෙ ලැක්‌ටෝස්‌ කියන සීනි වර්ගයයි. නමුත් ඔය බහුජාතික සමාගම් කවදාවත් කිරිවල සීනි තියෙනව කියල කියන්නෙ නෑ. එහෙම කියන්නේ නැත්තෙ මේ ඇත්ත කිව්වොත් දියවැඩියා රෝගීන්ට කිරිපිටි පොවා ගන්න බැරිවෙන හින්ද. ඔවුන් කාබෝහයිඩේ්‍රට්‌ විදිහට හඳුන්වන කිරිපිටිවල තියෙන මේ සීනිත් අපේ ශරීරය තුළ ජීරණය කරන්න අවශ්‍ය ලැක්‌ටේස්‌ කියන එන්සයිමයත් වයස අවුරුදු හතරෙන් පස්‌සේ අපේ ශරීරය තුළ හැදෙන්නෙ නෑ.

වයස අවුරුදු හතරෙන් පස්‌සෙ අපි කිරි බිව්වට කිරිවල තියෙන පෝෂ්‍ය දායක දේවල් අපේ ශරීරයට ලැබෙන්නෙ නෑ. අවුරුදු හතරෙන් පස්‌සේ කිරි අපේ ශරීරයට අවශ්‍ය නෑ. ඒක සොබාදහමේ තීරණයක්‌. අවුරුදු හතරෙන් පසු ශරීරය ප්‍රතික්‍ෂේප කරන දෙයක්‌ අපි බලෙන් දෙනකොට අර්බුදයක්‌ ඇති වෙනව. ලෙඩ රෝග හැටියට මතුවෙන්නෙ ඒ අර්බුදය තමයි.

කිරිවල අත්‍යවශ්‍යතාව අපේ සමාජය තුළ මතුකරල තියෙන්නෙ පෝෂණ අවශ්‍යතාවක්‌ හැටියටයි. අපේ ශරීරයට අවශ්‍ය ඇතැම් පෝෂ්‍ය කොටස්‌ ලැබිය හැකි එකම මග කිරි සහ කිරිපිටි කියලයි ඇතැමුන් හඳුන්වන්නෙ?

කිරිපිටි හදන මේ බහුජාතික සමාගම් අපේ ජනතාව එහෙම පිටින්ම මුලා කරල තියෙන්නෙ ඔන්න ඔතනදි තමයි. කිරිවලින් දෙන ප්‍රොaටීන් හා කැල්සියම් අපේ ශරීරවලට ගන්න වෙන කිසිම විදිහක්‌ නෑ කියලනෙ මේ අය කියන්නෙ. පෝෂණයේ එකම මුරදේවතාව කිරිපිටි කියලයි මේ බහුජාතික සමාගම් අපේ ජනතාවට පෙන්වල තියෙන්නෙ. කිරිපිටි කියන්නෙ පෝෂණයේ මුරදේවතාවෙක්‌ නොවෙයි. කුම්භාණ්‌ඩයෙක්‌, මළ පෙරේතයෙක්‌, පෝෂණයට අරක්‌ගත්තු ගෙවලයෙක්‌. ඒක මම විද්‍යානුකූලව ඔප්පු කරල පෙන්වන්නම්.

කිරි වීදුරු බාගෙක නැතහොත් මිලි ලීටර් 100 ක පෝෂණ සංයුතිය ගැන හිතන්න. මේ සමාගම් කියන විදිහට එළකිරි මිලි ලීටර් 100 කත් පැකට්‌ටුවේ පිටුපස තිබෙන විදියට කිරිපිටි දියකර හදාගන්න මිලි ලීටර් 100 කත් සංයුතිය එක සමානයි. ප්‍රමාණාත්මකව ගත්තොත් කිරිපිටි දියකර හදන මේ දියරයේ සියයට අසූඅටක්‌ පමණම තිබෙන්නේ ජලය. පෝෂණය ගැන කතා කරන්න පුළුවන් ඉතුරු සියයට දොළහක කොටස ගැන විතරයි. මේ සමාගම් මහ ලොකුවට කියන ඔය ප්‍රොaටීනුයි කැල්සියමුයි තියෙන්නෙ එතනනෙ. නමුත් ඒ සීයයට දොළහෙ ප්‍රොaටීන් තියෙන්නෙ සියයට 3.5 යි. නමුත් අපට පහසුවෙන් ලබා ගන්න පුළුවන් වියළි හාල් මැස්‌සන් ග්‍රෑම් සීයක ප්‍රොaටීන් සියයට 62 ක්‌ තියෙනව. කිරිපිටි ග්‍රෑම් 100 ක ප්‍රොaටීන් සියයට 3.5 ක්‌ තියෙන විට වියළි හැල්මැස්‌සන්ගෙ ප්‍රොaටීන් ඒ වගේ 18 ගුණයක්‌ තියෙනව. කඩල, මුං ඇට, පරිප්පු වැනි ධාන්‍යවල කිරිපිටි ග්‍රෑම් 100 ක ඇති ප්‍රොaටින් ප්‍රමාණයට වඩා ප්‍රොaටීන් දහ ගුණයක්‌ තියෙනව. හාල් වලත් දෙගුණයක්‌ තියෙනව. අපේ ගම්වල හැම වත්තකම වගේ කොස්‌ ගහක්‌ දෙකක්‌ තියෙනවනෙ. මේ ගස්‌යට වැටිල කුණු වෙලා යන කොස්‌ ඇටවල තියෙන ප්‍රොaටීන් ප්‍රමාණය අවුරුද්දක්‌ පුරා ඒ ගෙදරකට ගේන පිටිකිරිවල තියෙන ප්‍රොaටීන් ප්‍රමාණයට වඩා වැඩිබව මම වගකීමෙන් කියනව. කොස්‌ ඇට ග්‍රෑම් සියයක ප්‍රොaටීන් ග්‍රෑම් 4.5 ක්‌ තියෙනව.

මේ සමාගම් අපට කිරිපිටි බොන්න කියන්නෙ ශක්‌තිය බලය හා ජවය ලබාගන්නනෙ. පිටිකිරි මිලි ලීටර් 100 ක තියෙන්නෙ කිලෝ කැලරි 67 යි. නමුත් මේක ඔය කියන තරම් ලොකු ගාණක්‌ නෙමෙයි. හාල් ග්‍රෑම් 100 කින් කිලෝ කැලරි 360 ක්‌ ලැබෙනවා. කඩල, මූං ඇට වැනි ධාන්‍ය ග්‍රෑම් 100 කින් කිලෝ කැලරි 350 - 400 දක්‌වා ලැබෙනවා. කජු, රටකජු, තල ආදියෙන් කිලෝ කැලරි 550 ක්‌ ලබාගන්න පුළුවන්. පොල් තෙල් වැනි තෙල් වර්ග ග්‍රෑම් 100 කින් කිලෝ කැලරි 900 ක්‌ ලබාගන්න පුළුවන්. ඒ අනුව අපේ ස්‌වභාවික ආහාර සමඟ සංසන්දනය කරල බලන විට මේ සමාගම් කිරිපිටි පෙන්වල අපේ ජනතාව මොනතරම් මුලාවකට පත්කරල ද කියන කාරණය පැහැදිලියි.

නමුත් කිරිපිටි අපේ අස්‌ථි වර්ධනයටත් අත්‍යාවශ්‍ය බවයි මේ සමාගම් කියන්නෙ?

ඔව්. කිරිපිටි බිව්වෙ නැත්නම් අපේ ඇට ටික කුඩේ කුඩු කියලනෙ මේ අය පෙන්වන්නෙ. ඒ වුණාට කිරිපිටි මිලි ලීටර් 100 ක කැල්සියම් තියෙන්නෙ මිලි ග්‍රෑම් 120 යි. වියළි හාල්මැස්‌සන් ග්‍රෑම් 100 ක කැල්සියම් මිලි ග්‍රෑම් 2480 ක්‌ තියෙනව. කතුරුමුරුංගා ග්‍රෑම් 100 ක මිලි ග්‍රෑම් 1130 ක්‌ තියෙනව. ඕනම පළා වර්ගයක ග්‍රෑම් සීයක කැල්සියම් කිරිපිටි ග්‍රෑම් 100 කට වඩා තුන් හතර ගුණයක්‌ තියෙනව. රටකජු, කුරක්‌කන්, තල වැනි බෝග වර්ගවලත් කිරිපිටිවලට වඩා කැල්සියම් තියෙනව. දිවුල් බෙලි වැනි පලතුරු වර්ග වලත් අවශ්‍ය තරම් කැල්සියම් තියෙනව.

කිරිපිටිවල තිබෙන විටමින් මොනවද?

විටමින් ඒ සහ බී 2 සුළු වශයෙන් තියෙනව. කිරි සහ කිරිපිටිවල මේ සංයුතිය දිහා බලන විට ඔය සමාගම් කියන මහා පුදුම සහගත හෝ වෙන ආහාරවලින් ලබාගත නොහැකි පෝෂණ පදාර්ථ නෑ.

ඔබ ඔහොම කිව්වත් මේ කිරිපිටි වීදුරුවක්‌ උදේටයි රෑටයි බිව්වම ස්‌වාභාවික ආහාරවලට පයින් ගහන්න පුළුවන් කියල සමහර ක්‍රීඩකයොත් එහෙම පයින් ගහනව අපි රූපවාහිනියෙන් දැකලත් තියෙනව?

ඔය සමාගම් දෙන සල්ලිවලට සමහරු එහෙම කරල පෙන්නුවට කිරිවල තියෙන පෝෂණ ගුණයවත් කිරිපිටිවල නෑ. කිරිවලින් කිරිපිටි හදන කෘතිම ක්‍රියා වලියේදී කිරිවල තිබෙන ස්‌වභාවික පෝෂණ ගුණය විනාශ වෙනව. කිරිපිටි හදන විසිරණ - වියළන ක්‍රියාවලියේදී භාවිත කරන අධික තාපය නිසා විටමින් සී ඇතුළු තාපයට සංවේදී සියලු පෝෂණ පදාර්ථ විනාශ වෙනව. කිරිපිටිවල තියෙන්නෙ කෘතිමව එකතු කළ පෝෂණ පදාර්ථ. හොඳම උදාහරණය අධි කැල්සියම්. ඔය අධි කැල්සියම් හදන්න කැල්සියම්වලට අමතරව එකතු කරන්නෙ කැල්සියම් කාබනේට්‌. කැල්සියම් කාබනේට්‌ කියන්නෙ හුණු ගල්. හුණු ගල් කුඩු කරල කිරිපිටිවලට දාල කාන්තාවන්ගේ ඇටවලට ෂෝක්‌ කියල කියනව. අපේ කාන්තාවොත් ඒව බීල තියෙන ඇට ටිකත් නැතිකර ගන්නව.

නවසීලන්තයෙන් අපේ රටට ගෙන්වන කිරිපිටිවල ඩී.සී.ඩී. නමැති රසායන ද්‍රව්‍යයක්‌ තිබෙන බව හෙළිදරව් වීමෙන් මේ වන විට විශාල ආන්දොaලනයක්‌ ඇති වී තිබෙනව. මොනවද මේ ඩී.සී.ඩී.?

ඩී.සී.ඩී. (ඩයිසයිනඩයමයිඩ්) කියන්නෙ තණබිම්වලට නවසීලන්ත ගොවියො යොදන රසායන ද්‍රව්‍යයක්‌. මේ නිසා සාරවත් තෘණ අස්‌වැන්නක්‌ ලැබෙන නිසයි ඔවුන් මෙය යොදන්නෙ. නවසීලන්තයේ ප්‍රධාන කිරිපිටි නිෂ්පාදන සමාගමක්‌ ඔවුන්ගේ කිරි නිෂ්පාදනවල මේ ඩී.සී.ඩී. රසායන ද්‍රව්‍ය තිබෙන බව මීට මාස කීපයකට පෙර දැනගෙනත් ඔවුන් එය සඟවා දිගින් දිගටම කිරිපිටි ආනයනය සිදුකර තිබෙනව. නමුත් ඩී.සී.ඩී. නිෂ්පාදනය කරන පොහොර සමාගම් දෙකක්‌ මේ සිද්ධිය දැනගෙන ඔවුන් එය හෙළිදරව් කර තිබෙනව.

කිරිපිටිවල මේ තියෙන්නෙ තෘණ භූමිවලට එකතු කළ ඩී.සී.ඩී. ද නැතහොත් මේ සමාගම් කෙලින්ම කිරිපිටිවලට ඩී.සී.ඩී. එකතු කළාද යන සැකයකුත් දැන් ඇතිවෙලා තිබෙනව. එයට හේතුව විශාල වශයෙන් ජලය එකතු කළ කිරිපිටිවලට වුවත් ඩී.සී.ඩී. එකතු කළ පසු එහි ප්‍රොaටීන් ප්‍රමාණය ඉහළ යන බව දැන් සොයාගෙන තිබෙනව. ඒ අනුව විශාල කිරිපිටි ප්‍රමාණයකට පෝෂණ ගුණය වැඩි කිරීමේ අරමුණින් මේ රසායන ද්‍රව්‍ය එකතු කළාද යන සැකයකුත් දැන් මතුවෙලා තියෙනව. නවසීලන්තෙ මුලු ලෝකෙටම මෙහෙම කිරිපිටි දෙන්නෙ කොහොමද හිතල බලන කොට ඩී.සී.ඩී. කතාව පිළිබඳ ඒ සැකයත් හිතළුවක්‌ම නොවෙන්නත් පුළුවන්.

ඩී.සී.ඩී. රසායනිකය පිළිබඳ හෙළිදරව් වීමත් සමඟ වේ ප්‍රොaටීන අඩංගු කිරිපිටි සමඟ පැතිර යන ක්‌ලොස්‌ටි්‍රඩියම් නමැති මාරාන්තික බැක්‌ටීරියාවක්‌ ගැනත් දැන් තොරතුරු හෙළිවෙලා. මේ නිසා අද අපේ රටේ මේ ආනයනික කිරිපිටි භාවිතය මරුවා ළං කර ගැනීමක්‌ ලෙස සලකන්නට සිදුවී තිබෙනවා නේද?

ආනයනික කිරිපිටි නිසා මෙබඳු තත්ත්වයක්‌ ඇතිවිය හැකි බව 2007 වසරේදී මා පළ කළ කිරි බී නැසෙමුද බත් කා රැකෙමුද ග්‍රන්ථයෙන් මුල්වරට හෙළි කළා. දැන් මේ වේ ප්‍රොaටීන සහිත කිරි සමඟ පැතිර යන ක්‌ලොස්‌ටි්‍රඩියම් බැක්‌ටීරියාව පසේ සහ පරිසරයේ ජීවත්වන නිර්වායු බැක්‌ටීරියාවක්‌. මේ බැක්‌ටීරියාව එයට හිතකර මාධ්‍යයක්‌ තුළදී වේගයෙන් වර්ධනය වෙනව. මෙලෙස වර්ධනය වීමේදී ඒ බැක්‌ටීරියාවෙන් විෂක්‌ නිපදවෙනව. මේ පිටවෙන විෂ මේ ලෝකයේ තිබෙන අති ප්‍රබල විෂවලින් එකක්‌. මුළු ලෝකයේම ජනතාව සමුලඝාතනය කරන්න මේ විෂෙන් ග්‍රෑම් 200 ක්‌ ප්‍රමාණවත්. මේ විෂෙන් ග්‍රෑම් එකකින් සිය කෝටියකින් එක පංගුවකට වුවත් දරුවකුගේ ජීවිතය නැති කරන්න පුළුවන්. ඕනෑම පුද්ගලයකුගේ ස්‌නායු පද්ධතියට මේ විෂ නිසා බරපතල ලෙස හානි විය හැකියි. එහි ප්‍රතිඵලය බොහෝ විට අංශභාග රෝගයයි.

මේ ආනයනික කිරිපිටි අපේ රටේ තවදුරටත් පෝෂණ ද්‍රව්‍යයක්‌ නෙමෙයි. ආනයනය කරන මේ කිරිපිටි අපේ රටේ කිසි දවසක සෞඛ්‍යාරක්‍ෂිත ආහාරයක්‌ කරන්න බැහැ. මා එහෙම කියන්නේ දැන් මේ මතුව තිබෙන ඩී.සී.ඩී. රසායන ද්‍රව්‍ය අනතුර හා මේ මාරාන්තික බැක්‌ටීරියා අනතුර නිසා නොවෙයි. මීට පෙර මේ සමාගම්වලට ම එල්ල වුණු කිරිපිටිවල මෙලමයින් රසායන ද්‍රව්‍ය චෝදනාව මුලු ලෝකයම බියෙන් සලිත කළා. මේ කිරිපිටිවල තිබූ මෙලමයින් නිසා චීනයේ දරුවන් ලක්‍ෂ තුනක්‌ පමණ වකුගඩු රෝගවලට ලක්‌ වුණා. එයින් දරුවන් 7 දෙනෙක්‌ මිය ගියා.

මේ නිසා මේ මාරාන්තික කිරිපිටි බීලා සියදිවි නසාගන්නවාද? අපේ දේශීය ආහාර අනුභව කරල ජීවිතේ රැකගන්නවාද? යන්න තීරණය කරන්න අපේ රටේ ජනතාවට මීටත් වඩා පැහැදිලි අවස්‌ථාවක්‌ නෑ.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක
ඡායාරූපය - ගාමිණී මුණසිංහ


ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

නිතර සෙට් වෙන කස්ටිය

Google+ Followers

muthunayake@gmail.com

muthunayake@gmail.com