Thursday, January 28, 2010

අවුන් සාන් සුකී ගේ ලාංකීය මොඩලය Aung San Suu Kyi Vs Sarath Fonseka



මහා රාවණා ගේ රාජ වංශයටත් එහාට ගිය අතීතයක් ඇති මේ ලක් බිම අවසන් වරට හයවන පරාක්‍රම 1449 දී ලක්බිම එක්සේසත් කල පසු නොයෙක් ආකාරයේ කුමන්ත්‍රණ ,පාවා දීම හමුවේ අසරණ වු ලක්මාතාව 2009 මැයි මසදී අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති හෙවත් නිදහස් ලංකාවේ ජනරජු විසින් එක්සේසත් කරගන්නා ලදී. මෙහිදී දෙමල ත්‍රස්තවාදය සමග දහස් ගනන් වු බටහිර මෙන්ම ආසියාතික කුමන්ත්‍රන විශාල ප්‍රමාණයක් සමුල ඝාතනය විය හෝ අඩපන විය.
නමුත් සිංහලයාට සියල්ල ටික කලකින් අමතක වෙන ප්‍රභාකරන් න්‍යායේ සිට කවදත් බටහිරට කහින රුකඩයක් වු එක්සත් ජාතික පක්ෂ නායකත්වය විදේශ බලවේග මගින රජය ජන්දයකට ඇදදමා මඩ ව්‍යාපාර මතින් අදුර දර්ශි බලකාමී එහෙත් අති විශිෂ්ට යුද විරුවෙක් කරපින්නාගෙන නැවතත් අස්ථාවර රාජ්ජයක් සදහා වු පුස්ස ජනවාරි 26 වැනි දා බහුතර සිංහල බෞද්ධ බලවේගය විසින් පරාජය කරන ලදී. උතුරු වසන්තය තියා මොන ආශ්චර්ය ගෙනාවත් මේ රට බෙදීමට මෙරට දෙමල ජනයා සැදී පැහැදී සිටින බව සිංහලයාට පණිවිඩයක් මෙම ජන්ද ප්‍රතිපල මගින් දී ඇත. රජය මේ පිලිබදව මිට වඩා ගැබුරෙන් අධ්‍යනය කර පිලියම යෙදිය යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වුවත් ජන්ද අපේක්ශකයා සිහිනය ඔහු තවම දකිමින් සිටී. බටහිර බලවේග වල ආසියතික ප්‍රතිමුර්තිය වු අවුන් සාන් සුකී ගේ ලාංකීය මොඩලය වීමේ අවසාන සිහිනය දැකීමට පටන් ගත්තා පමනි. මේ සිහිනය ගැන මම හිතන විදිහට රජයටවත් හරි අවබොදයක් නැති බවය. හැබැයි කවදාවත් මොහුට අවුන් සාන් සුකි විමට බැරිය මොකද ඇය 59% ක් ජයග්‍රහණයක් ලබා ගෙන පැමිනියත් මොහුට එම තත්වයට ලගට ඒ මට හැකියාවක් නොලැබු නිසා. බටහිරින් ලැබුනු සල්ලි ටික ගෙවා හොටල් බිල හිග වු දාට වෙටර් ලා බෙල්ලෙන් ඇද එලියට දාන්න කලින් මහත්තයෙක් වගෙ එලියට ඇවිත් විපක්ෂ නායක කම බාරගෙන පෙර දවස මෙන් රටට වැඩක් කරන ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

muthunaayaka@gmail.com

8 comments:

  1. Sorry habai... Sinhalyan pamanak nowa Muslim apida... Samaharak demala janayada Mahindage Jaygrahanaya wenuwen chandaya dee pamanak nowa, divihimiyen kapawee wedakala bawa amthaka nokaranu!

    ReplyDelete
  2. @Anonymous

    බහුතර සිංහල බෞද්ධ බලවේගය

    ReplyDelete
  3. උඹේ සයිට් එකත් දේශපාලන ගූ වලක් වීම හරිම කනගාටුයි.

    ReplyDelete
  4. මහින්ද විසින් මවා දුන් බටහිර අනෙකා ගැන බියවෙමින තවත ආතල් ගන්න. ලංකාව ජන්ද දායක සමාජයකි. වැඩිහිටි ළමයින් පිරුණු සමාජයකි. ලංකාව පුරවැසි සමාජයක් වුදාට ඔය ආතල් ඔක්කොම ඉවරයි!

    ReplyDelete
  5. බටහිර සමග සබතතා අලුත් කර ගන්නා බවට මහින්ද අද පවසා තිබේ, එතකොට චන්දය දාපු අයට මොකද වෙන්නේ? සමහර විට කමක් නැ කියන්ඩත් පුලුවන්! මොකෝ රජතුමානෙ.

    ReplyDelete
  6. ඡන්දෙ ඉල්ලපු එක ගැන සරත් ෆොන්සේකා මහත්තයට පරිභව කරනවා මිසක් කවුරුවත් එතුමා ඒ තත්වයට පත් වුනේ ඇයි කියලා හිතන්නෙ නෑ නේද? LTTE එක පරදවන්න විශිෂ්ඨ යුදමය නායකත්වයක් සැපයූ ඒ වීරයාට (මෙහිදී ජනාධිපතිතුමාත් දේශපාලන නායකත්වය සැපයූ වීරයා බව අප අමතක කරන්නේ නෑ) නිසි ගෞරව සම්මාන පුද කරනවා වෙනුවට ගෝඨාභයලා කලේ කුමක්ද? ජෙනරාල්තුමා කුමන්ත්‍රණයක් මගින් රාජ්‍ය බලය අල්ලාගනී කියන කටකතා විශ්වාස කරලා එතුමාට පල නොකියා පලා බෙදීම නේද? ඒ නිසා ඇතිවූ කළකිරීමෙන් තමයි එතුමා ඊට විරුද්ධව දේශපාලනයට අවතීර්ණ වුනේ.

    යුද්ධයෙන් පසු එතුමාට නිසි ගෞරව පුද කලානම් අදත් එතුමා මේ රටේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විදියට හොඳ මෙහෙවරක් ඉටු කරාවි.

    ඒ නිසා සරත් ෆොන්සේකා මහත්තයව පතුරු ගහන්න කලින් මේ ගැනත් හිතලා බලන්න.

    ReplyDelete
  7. mama sindiyen methenta ave film ekak gana balanna.....

    " Anonymous said...
    උඹේ සයිට් එකත් දේශපාලන ගූ වලක් වීම හරිම කනගාටුයි.

    January 28, 2010 10:05 AM "

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com